දේශීය පුවත්

ඉන්දියාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා (AstraZeneca) එන්නත් අපනයනය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවළිය ඊයේ සිට අත්හිටවූ බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ශ්‍රී ලංකාවට නැවත ලබා ගැනීමට මෙම මාසයේ අග වනවිට හැකිවනු අතැයි අපේක්ෂා කරන බව ද කෙසේවෙතත් ජනවාරී 29 දා සිට එන්නත් ලබාගත් අය සඳහා දෙවනි මාත්‍රාව ලබාදීමට මාත්‍රා දෙලක්ෂ තිස්දහසක් පමණ ඉතිකරගෙන තිබෙන බව ද කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.

මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබා ගැනීම සඳහා ඉන්දියාවේ සීරම් ආයතනයෙන් (Serum Institute) කළ විමසීම්වලට මෙතක් ප්‍රතිචාර දක්වා නැතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.

එන්නත් දොලොස් ලක්ෂ 64 දහසක් මෙරටට ගෙන්වා තිබූ අතර ඉන් ලක්ෂ 9 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට භාවිතා කර අවසන් ය.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගෙන ඒම සඳහා මෙරට බලය ලත් නියෝජිතයා වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වන අතර ඔවුන් එන්නත් ලක්ෂ 15 ක් ලබා ගැනීම සඳහා ඉන්දියාවේ සීරම් ආයතනය සමග ගිවිසුම්ගතව ගෙවීම් ද සිදු කර තිබේ.

ඉන් මෙතෙක් ලැබී ඇත්තේ, එන්නත් ලක්ෂ 05 ක් පමණක් වන අතර පසුගිය මාසය තුළ තවත් එන්නත් ලක්ෂ 5 ක් ගෙන ඒමට නියමිතව තිබුණ නමුත් එම එන්නත් මෙතෙක් ලැබී නැත.

මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී (Sputnik V) කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 70 ලක්ෂයක් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගිවිසුම් ගත විය.

එහි සාමාන්‍යාධිකාරි දිනුෂ දසනායක මහතා සඳහන් කළේ, එන්නත් මිලදී ගැනීමට අදාල ගිවිසුමට ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහ ස්පුට්නික් වී එන්නත නිපදවන රුසියාවේ ගැමීලියා ආයතනයේ නියෝජිතයන් ඊයේ අත්සන් කළ බවයි.

එම ගිවිසුම අනුව ස්පුට්නික් වී එන්නත් තොගයේ පළමු කොටස ලබන මස මැද මෙරටට ලැබීමට නියමිතය.
(සිරස)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More