ප‍්‍රධාන පුවත්

චීනයේ ක්සින්ජියෑන් (Xianjing) ප්‍රාන්තයේ උයිගර් (Uighur) මුස්ලිම්වරුනට එරෙහි ප්‍රචන්ඩ ක්‍රියා සිදුවෙමින් පවතින බවට සාවද්‍ය වාර්තා ප්‍රචාරය කිරීම නිසා එම ප්‍රාන්ත වැසියන්ට අවමානයක් වූ බව සඳහන් කරමින් චීන B.B.C. වාර්තාකරු ජෝන් සුඩ්වර්ත් (John Sudworth) නොහොත් ෂා ලී (Sha Lei) ට එරෙහිව නඩු පැවරීමට ප්‍රාන්ත වැසියන් සූදානම් වනවිට ඔහු හොර රහසේම තායිවානයට පලාගොස් ඇති බව චීන විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශිකා හුආ චුන්යින්ග් (Hua Chunying) පවසයි.

යම්කිසි මාධ්‍යවේදියෙකු පිටරටකට යන්නේ නම් ඒ බව අදාල රාජ්‍යය ආයතන වෙත දැනුම් දියයුතු බවට වන නියමයන් සියල්ලටම පිටුපා ඔහු රටින් පලාගොස් ඇතැයි චුන්යින්ග් චෝදනා කරයි.

අවුරුදු නවයක් තිස්සේ චීනයේ සිට වාර්තාකරණයේ යෙදෙන B.B.C. වාර්තාකරවෙකු වන ඔහුට චීන රජය විසින් අවස්තා කිහිපයකදීම ක්සින්ජියෑන් ප්‍රාන්තයේ කටයුතු, හොංකොං දිවයිනේ කටයුතු සහ කොවිඩ් -19 පිළිබඳ සාවද්‍ය වාර්තා පළකිරීමෙන් වලකින ලෙස අවවාද කර ද තිබුණි.

චීනය පිළිබඳ බී.බී.සී. පුවත් ඒක පාර්ශවික සහ සාවද්‍ය බව බොහෝ අය දැන සිටින බව ද චුන්යින්ග් වැඩිදුරටත් පවසයි.
තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.rt.com/news/519704-china-bbc-reporter-sudworth-xinjiang/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More