ප‍්‍රධාන පුවත්

ණයකර නිකුතුවක් හරහා රු. බිලියන 20ක ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් අනුමත කර තිබේ. මේ අනුව එකක් රු. 100 බැගින් වන පරිදි ජ්‍යෙෂ්ඨ, අනාරක්ෂිත, ලැයිස්තුගත, නිදහස් කළ හැකි, ශ්‍රේණිගත ණයකර මිලියන 100ක් මූලික අදියරේ දී නිකුත් කෙරෙන අතර ඒ සඳහා අධිදායකත්වයක් තිබුණහොත් තවත් ණයකර මිලියන 100ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

මෙම නිකුතුව 2021 අප්‍රේල් 08 දින විවෘත කිරීමට නියමිත වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පැවසුවේ, ප්‍රාග්ධනය ඉහළ නැංවීමේ ඵලදායී හා කාර්යක්ෂම ප්‍රභවයක් ලෙස පෞද්ගලික හා රාජ්‍ය ආයතන විසින් කොටස් වෙළඳපොල කෙරෙහි තබා ඇති විශ්වාසය මෙමගින් නැවත වරක් පෙන්නුම් කරනු ලබන බවයි.

Fitch Ratings Lanka Limited විසින් නිකුත් කරන ලද AA-(lka) ශ්‍රේණිය මෙම ණයකර නිකුතුවට ලැබී ඇති අතර එම ආයතනය විසින්ම නිකුත් කරන ලද AA-(lka) with a Stable Outlook ශ්‍රේණිය ලංකා විදුලිබල මණ්ඩලයට හිමිව ඇත.
(දෙරණ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More