පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීතිරීතිවල අඩුපාඩු හඳුනා ගැනීම සඳහා සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව ලබන සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
අදාළ යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව සඳුදා පස්වරුවේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
කතානායකවරයා තේරීම් කාරක සභාව පත් කර මාස 6 ක් ඇතුළත නිර්දේශ ඉදිරිපත් කළ යුතු වන අතර එම කාරක සභාවේ කාර්යභාරය වන්නේ පවතින මැතිවරණ ව්‍යුහයේ හා නීතිරීතිවල අඩුපාඩු හඳුනා ගැනීම සහ ඒ සම්බන්ධයෙන් වන සංශෝධන නිර්දේශ කිරීමයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...