GOSSIP

ප්‍රියංකා චොප්රා වසර කිහිපයක ඉඳලා ජීවත් වෙන්නෙ ඇමරිකාවේ බව නොරහසක්‌. ඈ රඟ පෑ ක්‌වන්ටිකෝ ටෙලි කතා මාලාව සහ බේවොච් චිත්‍රපට වලින් හොලිවුඩය දිනාගත් ප්‍රියංකා ඇමරිකන් සිනමා තරු සමග ඉතා කිට්‌ටුවෙන් ඇසුරු කරන බව සමහර ඉන්දීය මාධ්‍ය තරමක්‌ ඊර්ෂ්‍යාවෙන් යුතුවයි වාර්තා කරන්නේ. 36 හැවිරිදි ඇමරිකානු චිත්‍රපට නිළි මේගන් මාක්‌ල් සහ එංගලන්තයේ ඔටුන්න හිමි පෙළපතේ ‘හිතුවක්‌කාරයා’ වන 33 හැවිරිදි හැරී කුමරුගේ විවාහ මංගල්‍යයට ආරාධනා ලැබූ එකම බොලිවුඩ් තාරකාව ප්‍රියංකා නිසාත්, ඈ අනාගත ‘කුමාරිකාවගේ කිට්‌ටු මිතුරියක්‌ නිසාත් ප්‍රියංකා ගැන බොලිවුඩ් ගොසිප් හරහා මේ දවස්‌වල වැඩි වැඩියෙන් කතා කරන්න පටන් අරං. වසර කිහිපයක්‌ තිස්‌සේ මෙම මිතුරුකම ඉතා හොඳ තත්ත්වයෙන් පවතින්නේ මේගන්ගේ ඇති ඉතා හොඳ ගුණාංග මෙන්ම ශක්‌තිමත් සහ ‘කොන්ද කෙලින්’ ඇති ගතිය නිසා බවත්, මේගන්ගේ සිහින කුමරයා ඇයට අවසානයේ හමුවීම පිළිබඳ තමන් සතුටු වෙන බවත් ප්‍රියංකා ඇමරිකන් සඟරාවකට කියා තිබුණා. මිතුරුකම කෙතරම් තද එකක්‌ උනත් ලබන මැයි 19 වන දා එංගලන්තයේ වින්ඩ්සර් මාලිගාවේ පැවැත්වෙන රාජකීය මංගල්‍යයට අඳින්නට ඇඳුමක්‌ තමන් සිතා නැති බවයි ප්‍රියංකා පවසන්නේ. බොලිවුඩ් තාරකාවකට, විලාසිතා මවන්නියකට රාජකීය අමුත්තන් පිරිසක්‌ ඉදිරියට ඇඳන් යන්නට ඇඳුමක්‌ නිර්මාණය කිරීම එතරම් අපහසු වෙන්නෙ නැතත් තමන්ගේ අදහසකට අනූව තමාගේ කණ්‌ඩායම විසින් ඇඳුම නිර්මාණය කරනු ඇතැයි සිතා සිටින බව ප්‍රියංකා පැවසුවා. 35 වියේ පසුවන තවමත් විවාහ වීමට අදහසක්‌ නැති ප්‍රියංකා චොප්රා යනු තරමක්‌ ආඩම්බර උනත් ඉතා අධිෂ්ඨානශීලී සහ උත්සාහවන්ත නිළියක්‌. හාස්‍යට මෙන්ම කටකතා වලටද කණ ඇතුළට රිංගා මොළයටම වදින්න උත්තර දෙන්න ඇය හුඟාක්‌ දක්‌ෂයි. ඒ නිසාම බොලිවුඩයේ සිටින ඇතැම් ‘පශ්aන මවන්නන්’ චොප්රාට දක්‌වන්නේ බිය මුසු ගෞරවයක්‌.

p17 2කෙලින් කතාව සහ ලිංග භේදය ඉන්දීය කාන්තාවන්ට ඉගෙනීමට සහ රැකියාවේ දියුණුවට වන බාධාව මගහැර ගැනීමට ප්‍රියංකා දරන අදහස්‌ සහ ආකල්ප නිසා ඇතැම් අන්තවාදී මාධ්‍යවේදීන්ගේ ගැරහුමට ලක්‌වුණත් ඈ ඒවා කටින් ඉවත ලු කෙල බින්දුවක්‌ තරම්වත් ගණනකට ගත්තෙ නැති නිසාම ඔවුන්ට පසු බහින්නට සිදු වුණා. කෙසේ නමුත් ඩයනා කුමරියගේ පුතාගේ විවාහ මංගල්‍යය සාම්ප්‍රදායික එකක්‌ වෙයිද යන්න ලොව පුරා මාධ්‍ය වලට කුකුසක්‌. එංගලන්ත රජ පවුලේ අයෙක්‌ ඇමරිකානු සිනමා නිළියක්‌ හා විවාහ වීමෙන් රජ පවුලේ සංස්‌කෘතියට යම් මිශ්‍රණයක්‌ ඇති වෙයිද හෝ ඇමරිකන් නිළිය සැබැවින්ම ‘බ්‍රිතාන්‍ය කුමරියක්‌’ බවට පත්වේවිද යන්න එංගලන්තය පුරාවටම කතාබහට ලක්‌වෙලා. කලින් කලට විවිධ කාන්තාවන් හා නම ඈඳාගත්තත් හැරී කුමරු ගැන කට කතා ඇවිස්‌සූ මාධ්‍ය නිහඬ කරන්නට මේගන්ට පිරිනැමූ විවාහ ගිවිස ගැනීමේ මුදුව ඔහු විසින්ම නිර්මාණය කිරීමෙන් පසුව හැරී කුමරු සමත්වෙනවා. මාධ්‍ය කෙසේ වෙතත් මේගන්ගේ තෝරාගැනීම ගැන තමන් අවංකවම සතුටු වෙන බව ප්‍රියංකාගෙන් ප්‍රශ්න කල ඇමරිකන් මාධ්‍යවේදියෙකුට පවසා තිබුණා.

සුහාරා පෙරේරා

සංස්‌කරණය චතුර පමුණුව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More