දේශීය පුවත්

පිළිකාකාරක විස පොල් තෙල් ආනයනය හරහා පොල් තෙල් බදු වංචාව සහ සීනි බදු වංචාව වසා ගැනීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවද එය වසා ගැනීමට අවශ්‍යතාවයක් නැතිනම් ආණ්ඩුව මෙම වංචා ගැන පරීක්ෂණ පැවැත්විය යුතු බවද කොළඹදී ඊයේ (31) දින පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය;

මේ වන විට විස පොල් තෙල් ප‍්‍රශ්ණයක් මතුවී තිබෙනවා. පිළිකාකාරක පොල් තෙල් රට පුරා බෙදාහරිමින් තිනෙවා. විස පොල් තෙල් මුදාහැර නැති බව කැබිනට් ප‍්‍රකාශක රමේෂ් පතිරණ මහතා පැවසුවත් ඔහු එසේ ප‍්‍රකාශ කර පැය කිහිපයක් යන්නට මත්තෙන් විස පොල් තෙල් බවුසර් දෙකක් අල්ලාගන්නවා.

මේකේ කිසිම දෙයක් එළියට ගියේ නැතැයි කිව්වත් පසුව කිව්වේ වරායේ මේවා තබාගැනීමට නොහැකි නිසා පුද්ගලික ගුදම්වලට යැව්වා කියලා. එතැනින් එලියට ගියේ නැද්ද කියා දන්නේ නැති බව කියනවා. ආණ්ඩුව දැන දැනම පිළිකාකාරක පොල් තෙල් ජනතාවට ලබාදෙනවා.

ඒ අතරේ නැව් පිටින් සීනි ගෙනැත් පාඩු කරපු සීනි වංචාව හංගා ගැනීමට ආණ්ඩුව උත්සාහ ගන්වාද කියලා දැන් අපිට හිතෙනවා. සීනි වංචාවෙන් බිලියන දහසයක මුදලක් රජයට අහිමි වෙනවා. මේක බැදුම්කර වංචාට වඩා ලොකු වංචාවක්.

ආණ්ඩුවට හිතවත් අය වෙනදා අඩු ප‍්‍රමාණයක් සීනි ගෙනාපු අය තමන්ගේ ගුදම්වල සීනි තැන්පත් කරගෙන ඉඳලා එක දවසේ මෙට්‍රික් ටොන් අසූදහසක් එක දවසේ එළියට ගන්නවා. මේ සියල්ල හරහා සැබෑ සොරකමක් සිදුව ඇති බව පැහැදිළියි.

සීනි වංචාවට සම්න්බධ සතොස සභාපතිවරයා දැන් ප‍්‍රමිති කාර්යාංශයේ සභාපතිවරයා බවට පත් කරලා තියෙනවා. සීනි වංචාව හා පොල් තෙල් වංචාව පිටුපස සිටින්නේ එකම සමාගමක්. ඒ පිරමිඩ් විල්මා සමාගමම තමයි ඉන්නේ. ෂැංග‍්‍රිල්ලා එක ලංකාවට ගෙනාවේ, වියත්මග හරහා ජනාධිපතිවරයාට උදව් කළේ මේ අය.

මේ ගැන අල්ලස් කොමිසමට, පොලීසියට පැමිණිලි කර තිබෙනවා. අද වන තෙක් සීනි වංචාව ගැනවත් පොල්තෙල් වංචාව ගැනවත් කිසිම පරීක්ෂණයක් සිදුවන බවක් අන්ම් පේන්න නැහැ. බදු අඩු කරලා සීනිවලට පාළන මිලක් දැම්මා. ඒත් ඒ මිළට සීනි තිබුණේ නෑ. ස.තො.ස. රුපියල් අසූපහට සීනි දෙන්න මේ ව්‍යාපාරිකයෙන්ගෙන් ඉහළ මිළකට සීනි මිළදී ගත්තා.

පිළිකාකාරක පොල් තෙල් ගැන හැමෝගෙම අවධානය යොමුවී තිබෙනවා. පොල් තෙල් බදු අඩු කළාට පස්සේ පොල් තෙල් ආනයනය සියයට දෙසීය හැත්තෑවකින් ඉහළ ගිහින් තියෙනවා. දේශීය නිෂ්පාදන ඉහළ දමනවා කියලා ආනයන සීමා කළත් මේවායේ ආනයනය ඉහළ ගිහින්. තෙල් ආනයනය සදහා වැය කළ මුදළ ඩොලර් මිලියන විසි පහක සිට එකසිය හතක් දක්වා ඉහළ ගිහින්.

මේ ගැන සොයා බලන්න කියලා අපි ඉල්ලා සිටියත් ආණ්ඩුව නිහඩව බලා සිටිනවා. ඒ ආණ්ඩුව බදු හොරකම පිටුපස සිටින නිසා බව පැහැදිළියි.
(ඔහුගේ මුහුණු පොතෙන්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More