දේශීය පුවත්

ස.තො.ස. සමුපකාර හා සුපිරි වෙළෙඳසල් ජාලය හරහා අද (1දා) සිට ආරම්භ කරන සහන මිලට සහල් අලෙවි කිරීමේ වැඩපිළිවෙළ ප‍්‍රාදේශීය මට්ටමේ තිබෙන වෙළෙඳසැල් හරහාද ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවසීය.

පොරොන්දු වූ පරිදි අද (1දා) සිට සතොස වෙළෙඳසැල්, සමුපකාර හා ආර්පිකෝ, ලාෆ් ඇතුළු දිවයින පුරා පිහිටි සියලූ සුපිරි වෙළෙඳසැල් හරහා නාඩු සහල් කිලෝවක් රුපියල් 97ටත්, සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 93ටත් මිලදී ගැනීමට හැකි බව ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම මිලට අලෙවි කිරීම සඳහා අවශ්‍ය සහල් තොග වී අලෙවි මණ්ඩලය හරහා එම වෙළෙඳසැල් වෙත යවා ඇති බවත් ඉදිරියේදී ප‍්‍රාදේශීය මට්ටමේ සියලූ පෞද්ගලික වෙළෙඳසැල් වලටත් ලබාදෙන බවත් සඳහන් කළේය.

ඉදිරි මාස තුනක කාලයක් මේ අයුරින් අඩු මිලට සහල් ලබාදෙන බව පැවසූ ඇමැතිවරයා සහල් මෝල් හිමියන් මෙතෙක් ගෙනගිය සහල් මිල තීරණය කිරීම අපේ‍්‍රල් 1 වැනිදා සිට වෙනස් කරමින් සහල් මාෆියාව කැඩූ බවත් පැවසීය.
(දිවයින)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More