දේශීය පුවත්

පොල්තෙල් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය රජය මාර්ගයෙන් එම කර්මාන්තකරුවාට ලබා දෙන තෙක් පොල්තෙල් නිෂ්පාදනයෙන් ඉවත් වීමට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර ඇත.

පොල්තෙල් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා කුරුට්ට සහිත කැබලි කරන ලද වියළි පොල්මද නැවත බහුජාතික සමාගම්වලින් මිලදී නොගැනීමටත් ඔවුන් තීරණය කර තිබේ.

කුරුට්ට සහිත කැබලි කරන ලද වියළි පොල්මද ආනයනය කිරීම රජය සතු බීසීසී ආයතනය මගින් සිදු කිරීමට ගෙන ඇති කැබිනට් තීරණය ක‍්‍රියාත්මක කරන ලෙස රජයට බල කිරීමත් ඔවුන් පොල්තෙල් නිෂ්පාදනයෙන් ඉවත් වීමට හේතුවක් වී ඇත.

රජය හරහා එම අමුද්‍රව්‍ය මිලදී ගෙන රටට අවශ්‍ය පොල්තල් මෙටි‍්‍රක් ටොන් එක්ලක්‍ෂ අසූදහසම නිෂ්පාදනය කිරීමට තමන් සූදානම් බවත් එතෙක් පොල්තෙල් නිෂ්පාදනයෙන් ඉවත්වන බවත් එම සංගමයේ කැඳවුම්කරු බුද්ධික සිල්වා මහතා ප‍්‍රකාශ කර සිටියේය.එම සංගමය කර්මාන්තකරුවන් 83 දෙනකුගෙන් යුක්ත වන බවද ඒ මහතා කීය.
(දිවයින)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More