අධිකරණ අමාත්‍යය අලි සබ්‍රි මහතා මහතා හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා ස්ථාවර කාර්ය සංග්‍රහයක් නිකුත් කරමින් මුස්ලිම් වරුන්ට විශේෂ කොට සැලකීමට උත්සහා කර ඇති බව තහවුරු වේ. එම ස්ථාවර කාර්ය සංග්‍රහයෙහි තණතුරට පත් කිරීමේ ක්‍රමවේදය දැක්වෙන හතරවන ප්‍රතිපාදානයේ තුන් වැනි අනු ප්‍රතිපාදනයේ දක්වා ඇත්තේ “මුස්ලිම් ජනගහනය 5000 හෝ ඊට වැඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට බල පැවැත්වෙන පරිදි සියලු මූලික සුදුසුකම් සපුරා ඇති මෙන්ම දෙමළ භාෂාව හැසිරවීමේ මනා හැකියාවක් සහිත පුද්ගලයින් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව තාවකාලික පදනම මත උපරිම වසර 01ක කාලසීමාවක් සඳහා පත් කරනු ලැබේ.”යනුවෙනි.
තවද එම ස්ථාවර කාර්ය සංග්‍රහයේ නව වන ප්‍රතිපාදනයේ දෙවන අනු ප්‍රතිපාදනයේ “එසේම, අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා බල පැවැත්වෙන පරිදි හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) පත්වීම් ලබා දෙනු ලැබේ.”යනුවෙන් සඳහන්ය.
මේ සම්බන්ධව අදහස් දක්වන නිතිවේදීන් පවසා සිටින්නේ අලි සබ්‍රි මහතා ඉතා සියුම්ව මුස්ලිම්වරුන් යනු වෙනම අනන්‍යයතාවයක් සහිත ජන කණ්ඩායමක්ය ඔවුන් රටේ වෙනත් නීතිවලට යටත් නැත යන මතය නීතිගත කරමින් සිටින බවයි. ඔහු ජනාධිපතිවරයාගේ ඉතාම විශ්වාසවන්තයාය යන්න දැනටමත් සමාජගත කර ඇති හෙයින් ඔහු කරන කියන දෑ ජනාධිපති තුමාගේ ආශිර්වාදය ඇතුව සිදුකරන බවට සමාජ මතයක් ඇති කිරීමට කටයුතු කරන බවටද එම නීතිවේදීහු තර්ක කරති.
එහිදී ඔවුන් අවධාරණය කර සිටියේ අසාද් සාලි වැන්නවුන් අමු අමුවේ ප්‍රකාශ කළ දෑ අලි සබ්‍රි අමාත්‍යයවරයා ඉතා සියුම්ව රටේ පොදු නීතියට එකතු කිරීමට සාර්ථකව කටයුතු කරමින් සිටින බවයි. ඔහුගේ මෙම ක්‍රියාවන් අනාගතයේදි ඉතාම භයානක තත්වයන් ඇතිකිරීමට හේතු විය හැකිද බවද ඔවුහු පවසති. අවසාන වශයෙන් එම නීත්ඥවරු පවසා සිටියේ “නරියාට කුකුළන් භාර දීමේ”උපහැරණය සිහිපත් කරවන ක්‍රියාදාමයක අධිකරණ ඇමතිවරයා නියැලී සිටින බවයි.
හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා ස්ථාවර කාර්ය සංග්‍රහය පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...