දේශීය පුවත්

මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් හරහා තමාට අගතියක් සිදුවූ බව බවසමින් ආමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව ඉල්ලා අස්කරගැනීමට අමාත්‍යවරයා ඊයේ (31) පියවර ගෙන ති බුණි.

2016 දී මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රි නිවාස සංකීර්ණයේදී පැවැත්වූ මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම නඩුව ගොනු කර තිබුණි.

එම චෝදනාව සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා 2016 වසරේ දී එම ප්‍රකාශයෙන් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් රන්ජන් රාමනායක මහතාගෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලමින් ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කළේය.

සිව් වසරක් පුරා විභාගයට ගැනෙන එම නඩුව ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (31) යළි කැඳවනු ලැබීය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී මේ වනවිට බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතා ද නඩු කටයුත්තට පැමිණ සිටි බව මහින්දානන්ද අලුත්ගම මහතා පැවසීය.

එහිදී අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා,

“මම මේ නඩුව ඉල්ලා අස්කරගත්තා. මම දැක්ක රංජන් අහිංසක මනුස්සයෙක්. ඔහුව නොමඟ යැව්වා. රන්ජන් දැන් අසරණ වෙලා ඉන්නේ. ජනපති කිව්වා පළිගන්න එපා කියලා. රන්ජන් වැඩියෙන්ම මඩ ගහපු කෙනා රංජන්ට සමාව දුන්නා. රන්ජන් ගැන මම කනගාටු වෙනවා. රන්ජන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි.“
(දෙරණ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More