දේශීය පුවත්

කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ ස්වදේශිකත්වයට පණ දෙමින් පැවති 70-77 සමගි පෙරමුණ ආණ්ඩුව බිඳ වැටුණේ ෆීලික්ස් ඩයස් අමාත්‍යවරයාගේ උද්දච්ච ක්‍රියාකලාපය නිසා බවයි.

එහිදී පවසා සිටියේ එවකට ආණ්ඩුවේ සිටි වමේ පක්ෂ එළවා දමා තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට ෆීලික්ස් ඩයස් කල්පනා කළ බවත් අවසානයේ සිදුවූවේ 1977 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 08ට පල්ලම් බැස එක්සත් ජාතික පක්ෂ පාලනයක් බිහි වීම බවත්ය.

ෆීලික්ස් ඩයස්ගේ එම උද්දච්ච හැසිරීම නොවේ නම් සමගි පෙරමුණ ආණ්ඩුව බිඳ නොවැටෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා නූතන දේශපාලනය තුළද ෆීලික්ස් ඩයස්ලා සිටිය හැකි බවත් ඔවුන් හරියට හඳුනාගෙන කල්පනාවෙන් කටයුතු කළ යුතු බවත් අමාත්‍යයවරයා පෙන්වා දුන්නේය.

“නූතන දේශපාලනයේ ‘ෆීලික්ස් ඩයස්ලා’ සහ ‘ජූනියස් රිචඩ්ලා’ නිවැරදිව හඳුනාගෙන ගමන ගියොත් පමණක් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ ජයග්‍රාහි අනාගතයක් කරා රැගෙන යා හැකියි ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More