පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේ කඩු 6000ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකරන ලද රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ විමර්ශන සිදුකිරිම සඳහා පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බවය.
අදාල පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.
ඒ අනුව අදාල පරීක්ෂණ කටයුතු විධිමත් කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි සහකාර පොලිස් අධිකාරීවරයෙකු ගේ නායකත්වයෙන් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බවද රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් අතර ඒ බව තහවුරු කෙරෙන පොලිස්පතිවරයාගේ ලිපියක් ද නීතිඥවරිය විසින් අධිකරණයට ඉදිරිපත් කරණු ලැබීය.
ඒ අනුව අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාට අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන නොයන බව පෙත්සම්කරුගෙන් විමසා මැයි මස 06 වනදා අධිකරණය දැනුවත් කරන නියෝග කෙරිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...