දේශීය පුවත්

කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික දෙවෙනි රග්බි ක්‍රීඩකයා ද මියගොස් ඇති බව පොලිසිය පවසයි.

රග්බි තරඟාවලියකට සහභාගි වීම පිණිස පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 10) ශ්‍රී ලංකාවට පැමිණි රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට පසුගිය ඉරිදා උදෑසන ශ්වසන අපහසුතාවක් ඇතිවීම හේතුවෙන් වහාම රෝහලට ඇතුළත් කරන ලදි.

ඒ අතරින් 25 හැවිරිදි තෝමස් හවර්ඩ් ඉරිදා රෝහලේදී මිය ගිය අතර 26 හැවිරිදි ටොම් බේටි අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවිය.

තෝමස් හවර්ඩ් ගේ මරණය තුවාල සිදුවීමකින් හෝ රෝගයකින් සිදුවූවක් නොවන බව පශ්චාත් මරණ පරීක්ෂණයේ නිගමනය වී තිබේ.

ඒ අනුව මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබා දුන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්එන් රූහුල් හක්, වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යැවීමට තීරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඒ අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ටොම් බේටි ද අඟහරුවාදා (මැයි 15) දහවල් මියගොස් තිබේ.

සෙනසුරාදා කොළඹ ‘CR & FC’ කණ්ඩායමත් සමග පැවති තරගයකින් අනතුරුව බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයන් රාත්‍රී සමාජ ශාලාවකට ගොස් තිබේ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ අධ්‍යක්ෂ රොහාන් ගුණරත්න පැවසුවේ කොළඹ ‘CR & FC’ කණ්ඩායම සමග පැවති තරගයේ දී සැලකිය යුතු කිසිදු සිදුවීමක් වාර්තා නොවූ බවය.

ඔවුන් දෙදෙනා “රග්බි ක්‍රීඩාවට සම්බන්ධ නොවන ශ්වසන අපහසුතාවකින්” පෙළුන බව ඩර්හැම් සිටි රග්බි ක්‍රීඩා සමාජය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.

එම කණ්ඩායම අඟහරුවාදා නාවික හමුදා කණ්ඩායම සමග වැලිසරදී ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.

ක්‍රීඩකයන් දෙදෙනාගේ මරණය පිළිබඳ කොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More