Uncategorized

ආබාධ සහිත පුද්ගලයන් 400දෙනකු එම ආබාධ තත්ත්වයත් සමග ඇති වූ මානසික පීඩාව හේතුවෙන් සියදිවි හානි කරගෙන ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2019 වසරේ සමීක්ෂණ වාර්තාවක සඳහන් වෙයි.

2019 වසරේ දී පමණක් පුද්ගලයන් 3135 දෙනකු සියදිවි නසා ගෙන ඇති අතර ඒ අතරින් 350 දෙනකු පිරිමින් වන අතර 50 දෙනකු ගැහැනු උඩහ්විය වෙති.

මෙම පුද්ගලයන් අතුරින් පවුල් ආරවුල්, ප්‍රේම සබඳතා බිඳ වැටීම් සහ ගෘහස්ථ හිංසනය විඳ දරා ගත නොහැකිව 650 දෙනකු සියදිවි හානි කරගෙන ඇති බව ද හෙළිවේ.

එමෙන්ම මානසික ආබාධ සහ මානසික පීඩන ඉවසා ගත නොහැකිව එම වසරේදීම පුද්ගලයන් 272 දෙනකු සිය දිවි හානි කර ගෙන ඇති අතර ඉන් 208 දෙනකුම පිරිමි පුද්ගලයන්ය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 141 දෙනකුද එම වසරේ සියදිවි හානි කර ගෙන ඇති අතර ඉන් දෙදෙනකු කාන්තාවෝ වෙති.

මෙම දත්ත වාර්තාවලින් ආනවරණය වන ආකාරයට පුද්ගලයන් 1917 දෙනකුම මිය ගොස් ඇත්තේ ගෙල සිරකර ගැනීමෙනි. එමෙන්ම කෘමිනාශක පළිබෝධනාශක සහ වස පානය කර පුද්ගලයන් 706 දෙනකු සියදිවි හානි කර ගෙන තිබේ. ගංගා ජලාශවලට පැනීමෙන් පුද්ගලයන් 105 දෙනකු සිය දිවි හානි කරගෙන ඇති අතර දුම්රියට පැනීමෙන් පුද්ගලයන් 123 දෙනකු මෙලෙස ජීවිතය හැර ගොස් තිබේ.
(අරුණ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More