ජනපතිවරයා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව උපදෙස් ගත යුතුව තිබුණේ ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා පිරිසකගෙන් නොව ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ඉතිහාසයක් තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බව හිටපු තානාපතිවරයෙකු මෙන්ම විදේශ සබඳතා පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක ඉකුත් ඉරුදින සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පෙන්වා දී තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාවේ මිත්‍රයෙකු ලෙස පෙනී සිටි යුක්රේනය ඡන්දය දීම ගැන අදහස් දක්වමින් ආචාර්ය ජයතිලක මේ බව පෙන්වා දී තිබේ.
රටක් ගැන තක්සේරු කරන්නේ ඒ රට තමන්ගේ මිත්‍රයෙකු යන පදනමකින් නොවන බව සඳහන් කරන ආචාර්ය ජයතිලක මානව හිමිකම් කවුන්සිල ඡන්දයේ දී යුක්රේනයේ හැසිරීම ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර සබඳතා පිළිබඳව තිබෙන අවබෝධය හොඳාකාරව පෙන්නුම් කළ අවස්ථාවක් බවද පෙන්වා දෙන ඔහු විදේශ ප්‍රතිපත්තිය හදන්නේ ඒ ගැන කිසිවක් නොදත් පිරිසක් වීම මෙම ප්‍රශ්ණවලට හේතුව බව ද ආචාර්ය ජයතිලක ප්‍රකාශ කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...