දේශීය පුවත්

ශ්‍රී ලංකා රජය විසින් පසුගිය වසරේ අගදී පත්කළ නව විදෙස් තානාපතිවරුන් තිදෙනෙකුගේ පත්වීම් එම රටවල් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

මෙහිදී කැබිනට් අමාත්‍යවරයකුගේ වරප්‍රසාද සහ බලතල සහිතව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුරට පත්කළ මිලින්ද මොරගොඩ, කැනඩාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කළ එයාර් මාෂල් සුමංගල ඩයස්, සෞදි අරාබියේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස පත්කළ අහමඩ්.ඒ ජවාඩ් යන අය තානාපතිවරුන් ලෙස භාර ගැනීම එරට රාජ්‍යන් විසින් මෙලෙස ප්‍රතික්ෂේප කර ඇති බව කලම්බු එක්ස් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතියට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පත්කරනු ලැබීය.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත් කළ මිලින්ද මොරගොඩට එම තනතුර ලබා දීම සම්බන්ධයෙන් නැවත වතාවක් සලකා බැලිය යුතු බව ඉන්දීය රජය විසින් දැනුම් දී ඇතැයි දැනගන්නට ඇත.

ඔහුව එම තනතුර සඳහා ශ්‍රී ලංකාවෙන් නම් කරනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් 10 වැනිදාය.

කැනඩාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කළ එයාර් මාෂල් සුමංගල ඩයස්ව පත් කිරීම ප්‍රමාද වී ඇත්තේ ඔහු ආරක්ෂක අංශ නිලධාරියෙක් නිසා බවයි වාර්තා වන්නේ. ඔහුව එම තනතුර සඳහා ශ්‍රී ලංකාවෙන් නම් කරනු ලැබුවේ පසුගිය වසරේ නොවැම්බර් 11 වැනිදාය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ තවදුරටත් එම රටවල අදාළ රාජ්‍ය තාන්ත්‍රික තනතුරු පුරප්පාඩුව පවතින බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More