දේශීය පුවත්

කළපු ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වූ මාතෘකාවක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් කමිටු රැස්වීම අද ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවා. ඒ රාජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලන්සා, ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසක් සහ ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරීන් දේවානි ජයතිලක අතර ඇතිවූ සංවාදයක් හේතුවෙන්.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සඳහන් කර සිටියේ මිගමුව කළපුවේ ඇති රොන් මඩ, අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය වසර දෙකක කාලයක් ප්‍රමාද වී ඇති බවයි.

එහිදී පිළිතුරු දෙමින් ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක සඳහන් කර සිටියේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පස් ඉවත් කිරීමේදී ඒවා කඩොලාන දුපතකට බැහැර කර ඇති බවයි. මේ හේතුවෙන් පරිසර පද්ධතියකට විශාල විනාශයක් සිදුවෙමින් තිබෙන බවයි ඇය මෙහිදී සඳහන් කර සිටියේ.

එහිදී ඇය සඳහන් කර සිටියේ වැරදිකරුවන් එක් පාර්ශවයක සිටියදී තමන් මත පීඩනයක් යොමු කිරීම වැරදි බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More