ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 04ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
හෙට (31) දිනයේ සිට අදාළ නිෂ්පාදන මෙරට භාවිතය තහනම් වන බව පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව එක්වරක් පමණක් භාවිතා කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල් PET bottles (Poly Ethylene Terepthalate), මයික්‍රෝණ 20ට අඩු ලන්ච් සීට්, සැෂේ පැකට් (ආහාර හා ඖෂධ නොවන), කොට්න් බඩ් (වෛද්‍ය කටයුතු සඳහා යොදා නොගන්නා) හා සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ ද ඊට අයත් වේ.
සමාගම් කිහිපයක් විසින් කරන ලද ඉල්ලීම් සළකා බලමින් දැනට නිපදවා අවසන් කර ඇති අදාළ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා මාස තුනක් වැනි කෙටි කාලයක් ලබා දෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (29) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේය.
එම නිෂ්පාදන අපනයනය සඳහා කිසිදු බාධාවක් පනවා නොමැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
(අරුණ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...