ඉන්දියානු ධීවර යාත්‍රාවන්ට ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීම සඳහා බළපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවත් ඉන්දියාව සමග මේ පිළිබඳව පවත්වන සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව තව මාස කිහිපයකින් මෙම බළපත්‍ර නිකුත් කිරීමට හැකිවෙතැයි බලාපොරොත්තු වන බවත් ධීවර කටයුතු ඇමති ඩග්ලස් දේවානන්ද මහතා පවසා ඇති බව “ද මෝර්නින්ග්” (The Morning) පුවත්පත වාර්තා කරයි.
ඉන්දියානු ධීවර යාත්‍රා නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී මසුන් මැරීම සහ ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා අප ගැඹුරු මුහුදේ සියලු මත්ස්‍ය සම්පත් සූරාකමින් කරන ධීවර ක්‍රියාකාරකම් යන ගැටළු දෙකකට අප මුහුණ දී සිටින බවත් එයට විසඳුමක් ලෙස ඉන්දියානු ධීවර යාත්‍රාවන්ට බළපත්‍ර ලබා දී ඔවුනට පමණක් මසුන් මැරීමට අවසර දීමේ ක්‍රමයක් ශ්‍රී ලංකාව විසින් යෝජනා කර ඇති බවත් ධීවර කටයුතු ඇමති ඩග්ලස් දේවානන්ද මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව “ද මෝර්නින්ග්” පුවත්පත වාර්තා කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...