දේශීය පුවත්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම්කරුවන් සමග එක්ව ජාවාරම් කළ යැයි සැකපිට එම කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට පරීක්ෂණ සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

එම දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන්නේ එම අපරාධය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 20 දෙනෙකු සහ සිවිල් වැසියන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඒ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 05 දෙනෙකු සහ තවත් සිවිල් වැසියන් 09 දෙනකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බවද එම වාර්තාවේ සඳහන් කර තිබේ.

එම මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු බව කියන උදාර සම්පත් හා බඩෝවිට ලොකු යන පුද්ගලයින් මේ වන විට විදේශ වලට පළා ගොස් සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝග මත ජාත්‍යන්තර පොලීසිය වෙත වරෙන්තුවක් යොමුකර තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් එම වාර්තාවෙන් සඳහන් කර ඇත.
(දෙරණ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More