ප‍්‍රධාන පුවත්

චීන – රුසියානු සම්බන්ධතාවයන් වඩ වඩාත් ශක්තිමත් කරමින් 1950 දශකය මැදභාගයේදී යම් තරමකට පළුදු වූ චීන – රුසියා සහයෝගීතාවයන් සහ මිත්‍රත්වයන් වඩාත් සවිමත් ආකාරයකට ගොඩනගා ගැනීමට පසුගිය දශකය පුරා එම රටවල් දෙක පියවර ගන්නා ආකාරය මෙම මාසය තුළ වූ සිදුවීම් වලින් ද තහවුරු වන බවක් දක්නට ලැබේ.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ටෝනි බ්ලින්කන් (Tony Blinken) සහ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් (Jake Sullivan) සමඟ චීන විදේශ කටයුතු අධ්‍යක්ෂ යැන්ග් ජිඑචි (Yang Jiechi) සහ රජයේ නීතිඥ වැන්ග් යී (Wang Yi) අතර හමුවකින් දින දෙකක් ඉක්ම යනවිට රුසියානු විදේශ ඇමති සෙර්ගෙයි ලැව්රොව් (Sergey Lavrov) පසුගිය 21 වන දින චීනයට සම්ප්‍රාප්ත වීම කැපී පෙනෙන කරුණකි.

ජනවාරි මස පැවති දකුණු කොරියා, ජපාන, ඇමරිකා සාකච්ඡා අවසන් වූ වහාම වැන්ග් යී විසින් මාර්තු මස සිදුවන රුසියානු විදේශ ඇමතිගේ ආගමනය පිළිබඳව නිවේදනය කර තිබීම විශේෂත්වයකි.

ඇමරිකා එක්සත් ජනපදය තම ආසියාතික භූ දේශපාළන සහායකයින් වන දකුණු කොරියාව සහ ජපානය සමඟ ගොඩනගා ගෙන ඇති භූ දේශපාළන සමීකරණය චීන – රුසියානු සම්බන්ධීකරණය හරහා සමපාත කිරීමෙහිලා රුසියානු විදේශ ඇමතිවරයාගේ මෙම සංචාරය අතිශය වැදගත් වන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉංග්‍රීසි ප්‍රකාශනය වන ග්ලෝබල් ටයිම්ස් (Global Times) පුවත්පත වාර්තා කර තිබුණි.

1961 දී ඇතිවූ නැගෙනහිර ජර්මනියේ බර්ලින් අර්බුධය සම්බන්ධයෙන් එවකට රුසියානු ජනාධිපති කෘෂෙව් සහ එවක ඇමරිකානු ජනාධිපති කෙනඩි අතර වියනා නුවර පැවැති සාකච්ඡාවේදී කෙනඩිව දණගැස්වූ ආකාරයට මෙම සාකච්ඡා මාලාවේදී වැන්ග් සහ යැන්ග් විසින් බ්ලින්කන් සහ සලිවන් මෙල්ල කිරීමට උත්සාහ දැරූ බවක් ද දිස්විය.

අන් රටවල අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීම, අතිශය විනාශකාරී යුද්ධ නිර්මාණය කිරීම, තම රට අභ්‍යන්තරයේ මෙන්ම අන් රටවලදී සිදුකරණ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව යැන්ග් සහ වැන්ග් විසින් බ්ලින්කන්ට සහ සලිවන්ට දැඩි ලෙස චෝදනා එල්ල කර තිබුණි.

හොංකොං හි සිදු කරණ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාළනය, උයිගර්වරුන් මර්ධනය, ගිණිකොනදිග සහ නැගෙනහිර ආසියාවේ සිදුකරණ ආක්‍රමණශීලී මැදිහත්වීම් යන කරුණු පිළිබඳව උපුටා දක්වමින් බ්ලින්කන් සහ සලිවන් විසින් ද යැන්ග්ට සහ වැන්ග්ට ප්‍රති චෝදනා එල්ල කර් තිබුණි.

සියලු ආකාරයේ ඇමරිකානු ඒක පාර්ශවීය සම්බාධක වලට එරෙහිව රටවල් නැගී සිටිය යුතු බව චීන – රුසියානු සාකච්ඡාවලදී වැන්ග් අවධාරණය කර සිටි අතර බටහිරයන් විසින් ඔවුන්ගේ නීතීන්ට අනුව ලෝකය පාළනය කිරීමට දරණ උත්සාහයන් ලැව්රොව්ගේ දැඩි විවේචනයට ලක්විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More