දේශීය පුවත්

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් මෙන්ම ජාතික සංවිධාන එකමුතුවේ විධායක සභික වෛද්‍යය වසන්ත බංඩාර මහතා ටෘත් විත් චමුදිත වැඩසටහනට සහභාගි වෙමින් පවසා සිටියේ විදේශ කටයුතු ලේකම් ජයනාත් කොළඹගේ ප්‍රමුඛ පාත් ෆයින්ඩර්වරු අටවා තිබූ ජිනීවා මර උගුලට පය තැබීමට කටයුතු නොකිරීමට විදේශ අමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතාට පෞරෂයක් තිබෙන බව තමන් ඇතුළු ජාතිකවාදී පිරිස් මුල සිටම දැන සිටි බවත් සමහරුන් පවසන පරිදි මංගල සමරවීර වැනි ජාතිය පාවා දෙන ආකාරයේ කටයුතු කරන්නෙකුගේ භූමිකාව රඟ දැක්වීමට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යයවරයා කිසි ලෙසකින්වත් සමත් වන්නේ නැති බව දැන සිටි බවත් පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වසන්ත බංඩාර මහතා පවසා සිටියේ පාත් ෆයින්ඩර් නම් සංවිධානයේ ප්‍රභල භූමිකාවක් ඉටුකරන මිලින්ද මොරගොඩ වැන්නවුන් බොහෝ දෙනෙක් ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙන්ම ආණ්ඩුවට බාහිරින් සිටිමින් අමෙරිකානු වුවමනාව අනුව ආණ්ඩුවේ ගමන පීලි පැන්නවීමට කටයුතු කරමින් සිටින බවයි.

තමන් ඇතුළු ජාතිකවාදීන් පෙනී සිටින්නේ 69 ලක්ෂයක ජනතාවගේ අපේක්ෂාවන් ජයග්‍රහනය කරවීම වෙනුවෙන් බවත් එය ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යට යහපත් බව තමන් විශ්වාස කරන බවත් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More