දේශීය පුවත්

මේ වන විට රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය.

ඔහු සඳහන් කර සිටින්නේ මේ හේතුවෙන් වහාම මහ මැතිවරණයක් කැඳවීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.
ඒ මහතා මේ බව සඳහන් කෙළේ ඊයේ (14දා) බත්තරමුල්ල, නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය.
ගාල්ලේ මැයි දින රැලියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉතාමත් වැදගත් ප්‍රකාශයක් කළා අපේ පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ගැන. එතුමා පැහැදිලිව ප්‍රකාශ කළා මේ රටේ ඇති වී තිබෙන ආර්ථික ත්‍රස්තවාදයට විරුද්ධව ජනතා අරගලය සමඟ ඊට නායකත්වය ලබාදෙන බවට. අද අපේ රටේ ජනතාවට ඇතිවෙලා තිබෙන්නේ මින් පෙර කිසිදු දිනෙක දරන්නට නොවුණු ආකාරයේ පීඩනයක් දැරීමටයි. ජනතාව අද ඊට විරුද්ධව දිරිමත්ව පෙළ ගැසෙමින් සිටිනවා. ඒ අරගලයට දේශපාලන නායකත්වය ලබාදීම අපගේ ප්‍රමුඛ කාර්යභාරය වන බව මැයි රැලියේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණයෙන් පසු අපිට දැන් සිටිනවා රට පුරාම ජනතා ඡන්දයෙන් පත් වුණු මහජන නියෝජිතයන් 3,500කට වැඩිය. එය අපිට විශාල ශක්තියක්. වෙන කිසිම දේශපාලන පක්ෂයකට අද නැති ශක්තියක් අපට තිබෙන්නේ.

ඉන්ධන මිල වැඩි කිරීම සඳහා ආණ්ඩුව තීරණය කරනු ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාදෙන ණය මුදලේ පස්වැනි වාරිකය නිදහස් කරගැනීම සඳහායි. තෙල් මිල මේ ආකාරයට වැඩි කළේ නැති නම් ඒ වාරිකය නිදහස් වෙන්නේ නැහැ. ආණ්ඩුව කියා තිබෙනවා මාස දෙකෙන් දෙකට තෙල් මිල සංශෝධනය වෙනවා කියලා. කිසිසේත්ම රජයට කියන්න පුළුවන්කමක් නැහැ. මේක හුදෙක් සිදුවන්නේ ජාත්‍යන්තර බලවේගවල බලපෑම නිසා කියලා. නමුත් එය සත්‍ය ප්‍රකාශයක් නෙවෙයි.

යහපාලනය ගැන කතා කරනවා. නිර්මලතාව ගැන කතා කරනවා. බණ දේශනා කරනවා. නමුත් මොකක්ද යථා වශයෙන් සිදුවන්නේ. ඉතාමත් නින්දිත දේවල් තමයි ඉහළ පෙළේ නිලධාරීන් සිදු කරන්නේ. පී. දිසානායක දැව සංස්ථාවේ සභාපතිවරයා අති දූෂිතයි. ඒ සඳහා අලුතින් පත් කරන්නේ අනුරුද්ධ පොල්ගම්පළ. එක හොරෙක්ව ඉවත් කරලා ඊට වඩා දහගුණයක් නරක තව හොරෙක්ව ඒ තනතුරට පත් කරනවා. පොල්ගම්පළ මහතා ඒ තනතුර දැරුවේ දවස් 5යි. ඉන් පසුව ඔහුව ඉවත් කළා. පෙට්ටි කඩයක්වත් මෙහෙම පාලනය කරන්න පුළුවන්ද.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More