පසුගියදා තිස්ස විතාරණ මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට තීරණය වී තිබේ.
මුතුරාජවෙළ අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා වගකිව යුතු සියලු පාර්ශවයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට තීරණය වූ බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහන් කළේ ය.
ඒ අනුව ඉදිරි කටයුතු සැලසුම් කිරීම සඳහා එම කමිටුව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඉදිරි සති 2 තුළ රැස්වනු ඇති.
1996 අංක 947/13 දරන ගැසට් පත්‍රය මගින් මුතුරාජවෙල අභයභූමියක් ලෙස ගැසට් කර තිබුණ ද, එම අභයභූමියේ මායිම් ලකුණු කිරීමක් මේ දක්වා සිදු නොවීම පිළිබඳව හා මුතුරාජවෙල පරිසර පද්ධතිය හෙක්ටයාර 2,569 ක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය විසින් හඳුනාගෙන තිබියදී හෙක්ටයාර 1,285 ක් පමණක් අභයභූමිය ලෙස නම් කිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු වූ බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
හෙක්ටයාර 6,000 ඉක්මවන මුතුරාජවෙල පරිසර පද්ධතියට අයත් සමස්ත ඉඩම් ප්‍රමාණය සහ එම අභයභූමිය තුළ පවත්නා පුද්ගලික ඉඩම් සහ රජයේ ඉඩම් වල ප්‍රමාණය තවමත් නිසි අයුරින් හඳුනා ගැනීමට අදාළ ආයතන අසමත් වීම පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු වී තිබේ.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වැඩිදුරටත් නිවේදනය කළේ, මුතුරාජවෙල පරිසර කලාපයට අයත් ඉඩම් අනවසරයෙන් ගොඩ කිරීම සම්බන්ධව පැමිණිලි රාශියක් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ආදී ආයතන වෙත ලැබුණ ද ඒවා සම්බන්ධ විධිමත් ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳවත් අවධානයට යොමු වූ බවයි.
මෙරටට ආවේණික ශාක වාණිජකරණය නැවැත්වීමට අවශ්‍ය නීතිමය අවකාශය තවදුරටත් පුළුල් කිරීම සහ සත්ත්ව විශේෂයන්හි ජාන මංකොල්ලය නැවැත්වීමට විශේෂ සම්බන්ධීකරණ ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවය ද එහිදී දැඩි අවධානයට ලක් වූ බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...