ශ්‍රී ලංකාවට ආදේශක පොල්තෙල් ගෙන්වන ලද තවත් සමාගම් තුනක් දෙවැනි දෙවැනි තත්ත්ව පරීක්ෂණය සඳහා ඉදිරිපත් කළ ආදේශක පොල් තෙල් සාම්පල වලද පිළිකා විෂ කාරක ඇෆ්ලටොක්සීන් අඩංගු වීම හේතුවෙන් තත්ව පරීක්ෂණයෙන් අසමත් වී ඇති බව වාර්තාවේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රකාශ කරන්නේ අදාල සමාගම් විසින් ආනයනය කරන ලද ආදේශක පොල් තෙල් තොගවලද පිළිකා කාරක අන්තර්ගත වී ඇති බවයි.
ඊයේ දිනයේ දී එක් සමාගමක් දෙවැනි පරීක්ෂණවලින් අසමත් වී තිබුණු අතර අද අසමත්වූ සමාගම් තුනත් එකතුව පරීක්ෂණයට භාජනය කර ලද සමාගම් හතරම ගෙන්වූ ආදේශක පොල්තෙල් වල පිළිකා කාරකයන් අඩංගු බව තහවුරු වී ඇත.
මේ වන විට අදාළ සියලුම ආදේශක පොල් තෙල් තොග ප්‍රති අපනයනය කරන ලෙස උපදෙස් දී ඇති බව වාර්තාවේ.
පිළිකා කාරක අඩංගු ආදේශක පොල් තෙල් මෙරටට ගෙන්වන ලද සමාගම් හතර වන්නේ අලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම, සේන මිල්ස් පිරිපහදුව, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් සහ කටාන පිරිපහදුව යන ආයාතන වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...