දේශීය පුවත්

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ කොරෝනා අවදානමක් තිබියදී මහජනතාව සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකර ආගමික සිද්ධස්ථාන, සාප්පු සංකීර්ණ, වෙළෙඳ මධ්‍යස්ථාන ඇතුළු පොදු ස්ථානවලට සීමාවකින් තොරව ඒකරාශි වීමට පටන් ගෙන තිබීම හේතුවෙන් රට පුරා දැඩි අනාරක්ෂිතභාවයක් ඇති වී තිබෙන බව යි.

එහිදී වෛද්‍යය සුදත් සමරවීර මහතා පවසා සිටියේ පොදු ස්ථානවලට එක් රැස් විය හැකි පුද්ගලයන්ගේ සංඛ්‍යාව පිළිබඳ සීමාවන් ක‍්‍රියාත්මක වන බැවින් කොරෝනා වසංගත තත්ත්වයක් ඇතිවීම වළක්වාලීම සඳහා මෙම දිනවල එවැනි ස්ථානවලට විශාල වශයෙන් ඒකරාශි වීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

ඊයේ (28දා) රට පුරා විහාරස්ථානවල පැවති ආගමික වතාවත්වලට බොහෝ දෙනා සහභාගී වී ඇත්තේ නිසි පරිදි මුහුණු ආවරණයක් නොපැළඳ, සමාජ දුරස්ථභාවය නොරකිමින් බවට පෙනී ගිය බවත් සෙසු ආගමික මධ්‍යස්ථානවලට යෑමේදීත් බොහෝ දෙනා කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකරන බවට වාර්තා වී ඇති බවත්  අවධාරණය කළ වෛද්‍යය සුදත් සමරවීර මහතා මෙම තත්ත්වය ඉදිරියේදී කොරෝනා වසංගතයක් මතුවීමට හේතු විය හැකි බැවින් පොදු ස්ථානවලට එක්රැස් වීමේදී නිසි සෞඛ්‍යය ආරක්ෂණ ක්‍රමවේද අනුගමණය කරන ලෙස අවධාරණය කළේය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මාධ්‍යට පවසා සිටියේ යාපනය දිස්ත‍්‍රික්කයේ තැනින් තැන කොරෝනා පොකුරු මතුවීමට මුල් වී ඇත්තේ ඉකුත් මහා ශිවරාත‍්‍රී දින පැවති ආගමික වතාවත්වලට කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකර ජනතාව විශාල වශයෙන් ආගමික මධ්‍යස්ථානවලට එක්රොක් වීම නිසා බවයි.

මේ අනුව එළඹෙන උත්සව සමය වෙනුවෙන් කොරෝනා මර්දන සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් මෙම දිනවල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරගෙන යන බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More