මීට සුළු මෙහොතකට පෙර සූවස් ඇල අවහිර කරමින් සිරවී තිබූ දැවැන්ත නෞකාව මුදා ගෙන ඇති අතර එම නැව තව සුළු කාලයයක් ඇතුළතදී නැවතත් එහි නියමිත ගමන් මාර්ගයට යොමු කළ හැකි බව නැව මුදා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටින කණ්ඩායම ප්‍රකාශ කර සිටින බව විදෙස් මාධ්‍යය වාර්තා පවසයි.
විදෙස් මාධ්‍යය වාර්තාවලට අනුව නැව මුදවා ගැනීමේ මෙහෙයුමට ටග් යාත්‍රා 12ක් වැලි ඉවත් කිරීමේ යන්ත්‍රෝපකරණ 08ක් එක්ව තිබූ අතර පුරා පැය 156 ක මෙහෙයුමකින් පසුව අද අළුයම නැව මුදා ගැනීමට හැකිව ඇති බව පැවසේ. මෙම නැව පසුගිය අඟහරැවාදා සිට සූවස් ඇල ඉවුරේ හිරවී තිබුනේ දරුණු වැලි කුනාටුවක් හේතුවෙන් බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබුණි .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...