දේශීය පුවත්

වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 26 වනදා විශේෂ ප‍්‍රකාශයක් කරමින් විෂ පාම් ඔයිල් කන්ටේනර් 14 ක් ගෙන්වා ඇත්තේ බදු සහන ලබා දුන් සැණින් මෙරටට සීනි ගෙන්වන ලද සමාගම නොව වෙනත් සමාගම් තුනක් විසින් යැයි පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම විෂ පාම් තෙල් තොග ගෙන්වූ අය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කර යම් වරදක් වී ඇත්නම් ඊට සම්බන්ධ අයට තරාතිරම නොබලා දඬුවම් ලබා දීමට තමන් පොලිස්පතිවරයාට කියා සිටින බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.

ස ජ බ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් නගන ලද වාචික ප්‍රශ්නය්ට පිළිතුරු දෙමින් අමාත්‍යය
බන්දුල ගුණවර්ධන මහතා, “පසුගිය දින කිහිපයේ දී මේ සිංහල දෙමළ අලූත් අවුරුදු සමයේ වෙළෙඳසල්වලට විෂ සහිත පොල්තෙල් ජනතාවට පරිභෝජනය කරන්න වෙනවා කියන මතවාදය ගෙන යෑම සඳහා විවිධ පාර්ශ්ව විසින් උත්සාහ කරන බව පෙනෙන්න තිබෙනවා. ඒ නිසා වෙළෙඳ අමාත්‍යයවරය වශයෙන් මගේ යුතුකම සහ වගකීම මේ වැරදි මතය පිළිබඳ තත්ත්වය පැහැදිලි කිරීම.

දඹුල්ල ප‍්‍රදේශයේ දී පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන් විසින් ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා මාධ්‍යවලට හෙළිදරව් කිරීමක් කරලා තිබුණා පිළිකාකාරක ආනයනය කරන පොල් තෙල් තොගයක් මුදාහැරීම සඳහා කටයුතු කරන බවට. මෙය මාධ්‍යවල පළ වෙලා ප‍්‍රධාන ප‍්‍රවෘත්ති වශයෙන් විකාශනය වූ විට ඊට පසු දින උදේ වරුවේම මම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිතුමාට කතා කළා. මේ ගැන තියෙන තත්ත්වය පිළිබඳ, මේ ප‍්‍රකාශන පිළිබඳ පරීක්ෂණයක් කර බලන්න කියලා කිව්වා.

ඒ අනුව මේ ආනයනය කරන ලද පිරිසිදු නොකළ පොල්තෙල් ගෙන්වීම දීර්ඝ කාලයක සිට මෙරට සිදුවන බව හඳුනාගන්න ලැබුණා. මේ නිසා පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාව මුණගැසුණා. මේ අනුව පරීක්ෂණ පවත්වල ඒ තෙල්වල යම් විෂකාරක අඩංගු වීමක් වෙලා තිබෙනවා කියලා දැනගෙන ඒ තෙල් තොගය ගුදම්වල ගබඩා කරලා තියෙනවා ප‍්‍රති අපනයනය කරන්න. මේවා වෙළෙඳපොළට නිකුත් වෙලා නෑ. ඒවා ප‍්‍රති අපනයනය කරන්න තියෙන්නේ.

විශේෂයෙන් ඒ අනුව පරීක්ෂා කිරීමට ආයතන දෙකක් වශයෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආහාර පිළිබඳ අංශය කටයුතු කළා. මේ කන්ටේනර්වල මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු පොල් තෙල් ප‍්‍රමාණයක් තිබෙන නිසා එය රට තුළ වෙළෙඳාම් නොකර ප‍්‍රති අපනයනය කරන්න කියලා නියම කරලා තියනවා. ඒවා එළියට ගන්න බැහැ, ඒ පරීක්ෂණ නිමා වනතෙක්.

මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කිසියම් පාර්ශ්වයක් විසින් පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා. අපි පොලිස්පති තුමාට කියනව හැකි තාක් ඉක්මනින් මේ දේ පිළිබඳ පරීක්‍ෂණ කරලා වැරදිකරුවන් ඉන්නවා නම් හොයන්න කියලා. තරාතිරම නොබලා දඬුවම් දෙන්න කියලා.

විශේෂයෙන් සීනි ගෙන්වපු සමාගම් මේ සඳහා සම්බන්ධ නෑ. වෙනත් සමාගම් තුනක් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ.” යනුවෙන් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More