පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටින්නේ 1980 අංක 26 දරණ ආහාර පනතේ පැහැදිලිව සදහන් කර ඇති ප්‍රතිපාදන ප්‍රකාරව වෙළෙඳ පොළේ අලෙවි කරනු ලබන පොල් තෙල්වල ඇල්ෆටොක්සින් යන පිළිකා කාරකය හෝ වෙනත් විෂ ද්‍රව්‍ය අඩංගුද නැතිද යන්න පිළිබඳව වහාම ප්‍රකාශයක් නිකුත් කරන ලෙස යි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින්…
—————————————————————————————————————————————–
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්
සෞඛ්‍ය අමාත්‍යාංශය
මරදාන
කොළඔ 10.
2021/03/28
අධ්‍යක්ෂක ජෙනරාල්තුමනි,
පිළිකාරක සහිත පොල්තෙල් සම්බන්ධව.
පිළිකා කාරක පොල්තෙල් වෙළදපොලේ අලෙවි කරන බවට කතා බහක් මේ වන විට සමාජය තුල ඇතිවී තිබේ.
වසවිස නොමැති ආහාර පාරිභෝගිකයාට ලබා දීම සදහා කටුයුතු කිරීම ඔබතුමාගේ කාර්යය වන බව 1980 අංක 26 දරණ ආහාර පනතේ පැහැදිලිව සදහන් කර ඇත. එකී පනතේ 11(1) වගන්තිය අනුව ඔබතුමා ආහාර පිළිබදව නිසි බලධාරියාය.
එකී පනත ප්‍රකාරවය ආහාර පිළිබදව නිසි බලධාරිය වන ඔබගෙන්, මේ වන විට වෙළද පොලේ අලෙවි කරනු ලබන පොල් තෙල්වල ඇල්ෆ ටොක්සින් යන පිළිකා කාරකය හෝ වෙනත් විස ද්‍රව්‍ය අඩංගුද නැද්ද? යන්න පිළිබදව වහාම ප්‍රකාශයක් නිකුත් කරන ලෙස අප සංවිධානය ඉල්ලා සිටිමු.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...