පුරවැසි කොලම

  කල් ඉකුත් වූ මේද වර්ග, රස කාරක, තිරිඟු පිටි සහ වර්ණක යොදාගෙන කේක්, පාන් සහ පේස්ටි‍්‍ර නිෂ්පාදනය කරන ෆුඞ් චේන්  එකක් හෙවත් ආපන ශාලා ජාලයක්, මෙයට අවුරුද්දකට පමණ පෙර රජය විසින් වටලන ලදී. මේ සිද්ධියට ඉමහත් ප‍්‍රසිද්ධියක් ලැබිණ. එහෙත් එම ආපනශාලා ජාලයේ හිමිකරුවන් එම වැටලීම්වලින් කිසිසේත්ම කම්පනය වූයේ නැත. ඔවුන් එකම දවසක්වත් සිය ආපනශාලා ජාලය වසා දැමුවේ නැත. එම ආපනශාලාවල තිබූ කේක්, බිස්කට්, පාන් වැනි ආහාර ඉවත්කර ගත්තේත් නැත. සාමාන්‍යයෙන් මෙවැනි වැටලීමකින් පසු සිදුවිය යුත්තේ සමස්ත ආපනශාලා ජාලයම සීල් තැබීමය. එහෙත් ආණ්ඩුව විසින් සීල් තබන ලද්දේ ආපනශාලා ජාලයට අයත් මුළුතැන්ගෙය පමණි. එහි තිබූ කල් ඉකුත් වූ ආහාර වර්ගවල බර කිරන ලද්දේ කිලෝග‍්‍රෑම්වලින් නොව ටොන් වලිනි. මේ සිද්ධියේ වැරදිකරුවන්ට කවර දණ්ඩනයක් නියම කරන ලද්දේ ද යන්න අපි අදටත් නො දනිමු. මේ ආපනශාලා ජාලයෙන් ආහාර අනුභව කර කවුරුවත් ලෙඩ වූයේ නැත. එහි තේරුම කුමක්ද? අපේ කට කුණු කෑමට පුරුදු වී සිටින බවය. අපේ අක්මාව කුණු දිරවා  ගන්නට පුරුදු වී ඇති බවය. adulterated food හෙවත් දූෂිත වූ ආහාර අපගේ ජාතික ආහාර වී තිබේ.

ශ‍්‍රී ලංකාව වූ කලී ආහාර සංස්කෘතියක් ඇති රටකි. පාරම්පරික සහල්, රසායනික පොහොර නොයෙදූ එළවළු සහ පලතුරු, පිරිසිදු මස් හෝ මාළුවලින් එම ආහාර සංස්කෘතිය නිර්මාණය වී තිබිණි. එහෙත් අද වන විට අපේ ආහාර සංස්කෘතිය අසංස්කෘතික වී ඇත. සත්ත්ව ආහාර සඳහා පමණක් සුදුසු ධාන්‍ය වර්ග ගබඩා කළ තැන් ආණ්ඩුව විසින් වටින් විට වටලනු ලැබේ. පණුවන් ගැසූ අල සහ ලූනු ගබඩාකර ඒවායේ පණුවන් පිසදමා විකුණන අවස්ථා රූපවාහිනියෙන් පෙන්වනු ලැබේ. පවිත‍්‍රකාරක යොදා නිදපවන සෝස් වර්ග මේ රටේ තිබේ. රෙදි ඩයි යොදා බීම වර්ග නිපදවන තැන් මේ රටේ තිබේ. ඕනෑම නරක දේකට යම්කිසි ප‍්‍රමිතියක් ඇතත් ශ‍්‍රී ලංකාවේ ඇති නරක දේ අන්තිම නරකය. කසිප්පු පෙරණ විට ගැල්වනයිස් කම්බි සහ යූරියා යෙදීම එවැනි අවස්ථාවකි. මේවා බීලාත් පණ පිටින් සිටින ජනයා අප අතර බහුලය. ඒ නිසා විස පොල්තෙල් ගැන කවුරුවත් කළබල විය යුතු නැත.

(2021 මාර්තු 28 දිවයින ඉරිදා සංග්‍රහය කතු වැකිය)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More