දේශීය පුවත්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසා සිටින්නේ ඇෆලටොක්සීන් නමැති පිළිකා කාරකය අන්තර්ගත පිරිපහදු නොකළ ආනයනික ආදේශක පොල්තෙල් ගෙන්වූ සමාගමක් ඉදිරිපත් කළ අභියාචනයට අනුව සිදු කළ දෙවන තත්ත්ව පරීක්ෂාවෙන් ද එම සමාගම අසමත් වී ඇති බවයි.

ඇෆලටොක්සීන් නැමැති පිළිකා විෂ කාරකය නියමිත ප්‍රමාණය ඉක්මවා පැවතීම හේතුවෙන් තත්ත්ව පරීක්ෂණ වාර්තා අසමත් වීමට හේතු වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය  වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඒ අනුව එම සමාගමට අදාළ ආනයනික ආදේශක පොල් තෙල් තොග ප්‍රතිඅපනයනය කිරීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයාතනය පවසයි.

මේ අතර තවත් සමාගම් 03ක් දෙවන පරීක්ෂාව සඳහා අභියාචනාකර ඇති අතර එසේ ඉදිරිපත් කළ ආනයනික ආදේශක පොල් තෙල් වල සාම්පල වල වාර්තා හෙට (29) ලැබීමට නියමිත බවත් එම ආනයනික පිරිපහදු නොකළ ආදේශක පොල්තෙල්වල සාම්පල යළි පරීක්ෂා කිරීම මේ වනවිට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හා කාර්මික තාක්ෂණ ආයාතනය  යන ආයතන  විසින් සිදුකරමින් පවතින බවත් මාධ්‍යය වාර්තා සඳහන් කරයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More