කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්; තිස්සමහාරම, කිරින්ද වෙරළ තීරයේ ඇති ගානට් සහ ඉල්මනයිට් අඩංගු වැලි විශේෂ රජයට ලබාගැනීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ හමුවක් කිරින්ද ප්‍රජා ශාලාවේදී අද (27) දින පැවැති අතර එයට කිරින්ද ප්‍රදේශයේ පිරිසක් දැඩි විරෝධයක් එල්ලකිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි.
එහිදී මෙවන් දෙබසක් ඇතිවුණි;
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ – චමල් රාජපක්ෂ ඇමතිතුමා, නාමල් රාජපක්ෂ ඇමතිතුමා, ඔවුන් දෙපළ විශේෂ ඉල්ලීමක් කළා. ප්‍රදේශයේ ජනතාවගේ යම් නොසන්සුන්තාවයක් තියෙනවා. ඒ ජනතාව සමග සාකච්ඡා කරලා මේක කරනවා නම් හොඳයි කියලා. අපි දෙගොල්ලෝම මේ සාකච්ඡාවෙදි සෑහීමකට පත්වෙනවා නම් අපි මේ කටයුතු ඉදිරියට ගෙනියමු.
ප්‍රදේශවාසීන් – සමිතියෙන් කරගෙන යන්න ද මේ අවස්ථාව දෙන්නෙ?.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ – සේවකයෝ සමිතිය වුණත් එකයි. ගමේ මිනිස්සු එකතු වුණත් එකයි. ඒක අපිට ප්‍රශ්නයක් නෑ.
ප්‍රදේශවාසීන් – ඉන්දියන් සමාගමක් එක්ක අපි පොඩි ගිවිසුමකට ඇවිත් තියෙනවා. ඒ ගිවිසුමේදි ඉන්දියන් සමාගම අපිට කියනවා දවසකට වැඩ කළොත් වරුවක් වැඩ කළත් 4000ක් අපිට දෙනවා කියලා. එතකොට අපි මේ වැලි ගන්න යන්නේ මෙතන ඉඳලා කිලෝමීටර් 3ක් ඈත කැළෑ ප්‍රදේශයක. ඒ ඉන්දියන් සමාගමත් එක්ක අපිට මේ වැඩේ කරන්න අවසර දෙනවා නම් සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ – දැන් මට කියන්නෙත් ඒ සමාගම වගේ ඔබතුමන්ලාව අන්දන්න කියලද? ඕවා වචන නේ. තියෙන ගිවිසුම නීත්‍යානුකූලව වලංගුද? පිටරට ඉන්න අයට මේක හූරගෙන කන්න දෙන එක නෙමෙයි අපේ යුතුකම. මෙච්චර දේවල් දෙනවා කියන්නේ ඇයි?. මේක වටින නිසා.
එම අවස්ථාවට පැමිණ සිටි පිරිසක් ඇමතිවරයාගේ ඉල්ලීමට විරෝධය පළ කරන්නට පියවරගෙන තිබුණ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේ දැඩි විරෝධයක් එල්ල විය.
අමාත්‍ය විමල් වීරවංශ මහතා පිටව ගිය පසු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...