අලුතින් බිහි කළ පක්ෂය අති විශිෂ්ට ජයක් ලැබිම මහින්ද රාජපක්ෂ මහතාට මහජනතාවගේ ඇති අසීමිත ගෞරවය පිළිබඳව ප්‍රකාශ කිරීමක් වන්නේ යයි හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා ගොඩකවෙලදී ප්‍රකාශ කළේය.
ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාවාරය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ චමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් මෙසේ පැවැසීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ සියලුම ප්‍රශ්න වලට විසඳුම් සැපයුවා. අවුරදු 30ක් පැවැති යුද්ධයෙන් රට බේරාගත්තා. සංවර්ධන වැඩ රාශීයක් සිදු කළා. විදේශ රටවලින් ආයෝජන ගලා ආවා. අවුරුදු 30ක් ප්‍රමාදව පැවැති සංවර්ධන කටයුතු සිදු කළා. පෙරදී පැවැති කිසිම රජයකට කළ නොහැකි වූ හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ වැනි මහා පරිමාණ සංවර්ධන වැඩ රාශියක් සිදු කළා. අද මේ ආණ්ඩුව මේවාට අපහාස උපහාස කරනවා. ඒවායෙන් ලබාගත හැකි ප්‍රතිඵල ගැනීම අත්හැරලා.
ආණ්ඩුව කරන්නේ පොලීසිය ලවා නඩු හදා ගැනීම. මේ සියල්ල කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා පීඩනයට පත් කිරීමයි. ඔහු ඒවාට නොබියව මුහුණ දෙනවා. රටේ ජනතාවද එතුමා වටා එක් වී ශක්තිමත්ව ඉන්නවා. පසුගිය ප්‍රාදේශීය සභා ඡන්ද ක්‍රමය විකෘති එකක්. දිනන අය පරදින, පරදින අය දිනන ක්‍රමයක්. අලුත් ක්‍රමයේ ප්‍රජාතන්ත්‍රවාදයක් දැන් ඇති වෙලා.
දේශපාලකයන්ට මෙන්ම රජයේ සේවකයන්ටද වැඩක් කිරීමට නොහැකිවෙලා. රජයේ සේවකයන් FCID එකට බියෙන් වැඩ කරන්නෙ නැහැ. මේ රජයට බලය තිබෙන්නේ අවුරුදු 1 1/2 පමණයි. ජනතාව බලා සිටින්නේ මෙය පෙරළා දමන්නට කාලය පැමිණෙන තෙක්. අද දක්නට ලැබෙන ආකාරයට එපමණ කලක්වත් බලා සිටීමට අවශ්‍ය වන එකක් නැහැ. ආණ්ඩුවට ගිය අපේ පක්ෂයේ අයගේ පුටු රත්වෙලා. රජයේ ඉන්නට බැරි තැනට පත්වෙලා. ඔවුන් ආපසු අප පක්ෂයට එක්වීමට සූදානමින් සිටින්නේ. එසේ නොවුණොත් ඔවුන්ට මහජන අප්‍රසාදය ඇතිවීම වැළැක්විය නොහැකියි. අපි ඔවුන් සාදරයෙන් පිළිගැනීමට සූදානම්.
දේශාපාලන තනතුරු ජනතාව ලබාදෙන සුදු පිරුවටයක් හා සමානයි. එසේ එය ස්ථිර නැහැ. මේ නිසා පිරුවටයේ කුණු තවරාගෙන අපිරිසිදු කරගන්න එපා. ඉතා හොඳින් සිය කටයුතු කිරීමට නව සභාපතිතුමා ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. එවිට දිගු දේශපාලන ගමනක් යාමට හැකිවේවි. හොරකම, වංචාව හා දූෂණයෙන් තොරව මහජනයාගේ ප්‍රශ්න වලට සාධාරණ පිළිතුරු හා විසඳුම් ලබාදීමට කටයුතු කරන්න.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...