නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග නායයෑමේ වැඩි අවදානමක් සහිත ප්‍රදේශවල පදිංචි පවුල් 15,000ක් මේ වන විට හඳුනාගෙන ඇති නමුත් ඔවුන් එම අවදානම් තැන්වලින් ඉවත් කිරීමට නොහැකි වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්‌යේසණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන පවසයි.
අවදානම් කලාපවල සිටින මෙම පවුල් 15,000 එම ස්ථානවලින් ඉවත් කර සුරකෂිත ස්ථානවල පදිංචි කිරීම සඳහා තනි නිවාස වෙනුවට නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු යොදා තිබූ නමුත් පසුගිය වසරේ රට තුළ පැවති කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් මෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට ප්‍රමාද වී තිබේ.
එසේම ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය මගින් ස්ථානීය පරීක්ෂණ සිදු කර මහනුවර, නුවරඑළිය, මාතර, මාතලේ, කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්ක දහයකට අයත් ප්‍රදේශ මෙලෙස අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. එම ප්‍රදේශ තුළින් අවදානම් ඉදිකිරීම් වැඩිම දිස්ත්‍රික්කය ලෙස මහනුවර හඳුනාගෙන තිබේ.
(අරුණ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...