පිළිකා කාරක අඩංගු බවට අනාවරණ වූ පොල්තෙල් ආනයනය කළ ආයතන 3 කට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
අදාළ පොල්තෙල් පරිභෝජනයට නුසුදුසු බවට සාම්පල පරීක්ෂාවේදී තහවුරු වීමෙන් පසුව එය ප්‍රතිඅපනයනය කෙරෙන තෙක් එම ආයතන 3ට මුද්‍රා තැබූ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.
ආනයනය කළ පොල්තෙල් බහලුම් 13ක ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරක අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් තහවුරු කර තිබියදී එය අදාළ ආයතන වෙත මුදා හැර ඇති බවට සමස්ථ ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා පසුගියදා චෝදනා කළා.
කෙසේ වෙතත්, අදාළ පොල්තෙල් වෙළඳපොළට නිකුත් වී නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඊයේ (26) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.
එහෙත් වෙළඳපොළට පරිභෝජනයට නුසුදුසු පිළිකා කාරක අඩංගු පොල්තෙල් නිකුත් වී ඇති බවට එල්ල වන චෝදනා හමුවේ එය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා දිවයින පුරා වෙළඳසැල්වල පොල්තෙල් සාම්පල ලබා ගැනීම ඊයේ (26) සිට ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.
මේ අතර සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිළ ගණන් මෙන්ම මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.
(මව්රට)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...