දේශීය පුවත්

පුත්තලම මදුරන්කුලිය ප‍්‍රදේශයේ මද්‍රසා පාසලක අධ්‍යාපනය ලබමින් සිටි මුස්ලිම් ජාතික සිසුන් පිරිසකට ගිනි අවි පුහුණුව ලබා දීම, අන්තවාදී දේශන පැවැත්වීම සහ ඔවුන් ත‍්‍රස්තවාදී කටයුතු සඳහා යෙදවීම යන චෝදනා යටතේ එම පාසලේ ගුරුවරුන් දෙදෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (26) දින දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදී තිබූ නියෝගයකට අනුව එහි නිලධාරීන් පිරිසක් පුත්තලම ප‍්‍රදේශයේ කළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා ද මීට ඉහතදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමේ නියෝග මත ප‍්‍රශ්න කරගෙන යයි.

මෙම ගුරුවරුන් දෙදෙනා පාස්කු ප‍්‍රහාරය මෙහෙයවූ මොහොමඞ් සහරාන් සමග සමීප සබඳතා පවත්වා ඇති අතර තවුහිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමග එක්ව කටයුතු කර ඇති බව ද හෙළිව තිබේ.

මෙම ගුරුවරුන් දෙදෙනා වසර ගණනක් තිස්සේ මදුරන්කුලියේ පිහිටි මද්‍රසා පාසලේ සේවය කර ඇති අතර එම කාලසීමාව පුරාම පාසලේ දරුවන්ට අවි පුහුණුව සහ අන්තවාදී දේශන පවත්වා ඇති බව ද අනාවරණය වී තිබේ.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ජාතීන් අතර වෛරය පැතිරවීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝග මත ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරගෙන යන බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
(දිවයින)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More