දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා පත්කළ කොමිෂන් සභාව විසින් ලබා දී ඇති අවසන් නිර්දේශ ක‍්‍රියාත්මක කළහොත් මේ රටේ කිසිම නිලධාරියකුට ඔවුන්ගේ වෘත්තීය කටයුතු නිසියාකාරව ඉටු කිරීමට ඉඩ නොලැබෙන්නේ යැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (26) දින අභියාචනාධිකරණය හමුවේදී ප‍්‍රකාශ කළේය.
රජයේ වගකිවයුතු දෙපාර්තමේන්තුවක සේවය කරන සිය සේවාදායකයා කටයුතු කර ඇත්තේ ඔහු වෙත නීතිමය වශයෙන් පැවරී තිබූ රාජකාරි වගකීම් මිස ඔහුගේ පෞද්ගලික අවශ්‍යතා අනුව නොවන්නේ යැයි ද ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයට වැඩිදුරටත් කීවේය.
නීතිපති විසින් හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරනු ලැබූ රට තුළ දැඩි ලෙස කතාබහට ලක් වූ නඩු කිහිපයක පැමිණිල්ල මෙහෙයවූ තමා වගඋත්තරකරුවකු ලෙස නම් කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසට දේශපාලන පළිගැනීම් කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති අවසන් නිර්දේශ බල රහිත කරන ලෙස හා ජනාධිපති කොමිෂන් සභාවේ එකී නිර්දේශ අනුව කටයුතු කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා එලෙස ප‍්‍රකාශ කළේය.
ජනක බණ්ඩාර මහතාට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද, ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම ද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර හා විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන් හමුවේදී ඊයේ (26) දින කැඳවිණි. එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබූ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ උපාලි අබේරත්න මහතාට සහ සෙසු කොමසාරිස්වරුන් දෙදෙනාට මෙන්ම එම කොමිෂන් සභාවේ ලේකම්වරිය සහ පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට විනිසුරු මඬුල්ල නියෝග කළහ. එම පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 30 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළහ.
(දිවයින)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...