වෙළෙඳපොළේ ඇති පොල් තෙල්වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට තීරණය කර ඇති බවත් ඒ අනුව පොල් තෙල් සාම්පල ලබා ගැනීම ආරම්භ කර ඇති බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ලබාගත් පොල් තෙල් සාම්පල මේ වනවිටත් පරීක්ෂණාගාර වෙත යොමු කර ඇති බව එම අධිකාරිය පැවසුවේය.
සෙසු දිස්ත්‍රික්කවල සාම්පල ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර එම සාම්පල පරීක්ෂණාගාර වෙත යොමු කිරීම ඉදිරි දින කිහිපයේදී සිදු කිරිමට නියමිත බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...