දේශීය පුවත්

අවශ්‍ය මුදල් වෙන් කළ ද ආරක්ෂිත සහල් තොග තබා ගැනීමට ඊට අදාළ අංශ අසමත් වී ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඒ අනුව සහල් වංචාවක් සිදුව ඇති බවට පවසමින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට එම සංගමය ඊයේ (26) දින අල්ලස් කොමිසම හමුවට පැමිණ සිටියේය.

මේ අතර වී මිල තවදුරටත් ඉහළ යා හැකි බවට පවතින මතය හේතුවෙන් බොහෝ පිරිස් වී තොග රැස්කිරීමට කටයුතු කිරීමෙන් සහල් නිෂ්පාදනය අඩපණ වී ඇති බවද එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා පැවසීය.

“පහුගිය වසරේ මහ භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 300ක් වෙන් කරලා තියෙනවා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට ආරක්ෂිත සහල් තොගයක් තබා ගන්න. දැන් මේ මිලියන 300 නිකුත් කරලා මාස 6ක් 7ක් වෙනවා. අදවන තුරු මේ මුදල්වලින් නිෂ්පාදනය වුණු සහල් තොගය ලංකා සතොසට ලැබිලත් නෑ. ආරක්ෂිත තොගය වශයෙන් ලැබිලත් නෑ. අපිට ලැබෙන තොරතුරු අනුව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ මැදිහත්වීමෙන් පුද්ගලික අංශයට අලෙවි කරලා තියෙනවා ආසන්න වශයෙන් රුපියල් මිලියන 2000ක පමණ සහල් තොගයක්. එහෙම තත්ත්වයක් තුළ තමයි ආරක්ෂිත සහල් තොගයක් ලෙස ඉන්දියාවෙන් පොන්නි සම්බා මෙට්‍රික්ටොන් 25,000ක් ආනයනය කරන්න හදන්නේ. මේ සහල් මාෆියාවට පිළිගත හැකි විසඳුමක් අවශ්‍යයි. හැමකෙනාම හිතනවා වී මිල තවත් ඉහළ යයි කියලා. හැමෝම වී තොග රැස් කරනවා. හාල් නිෂ්පාදනය කරන්න නෙමෙයි උනන්දුව තියෙන්නේ. වී තොග රැස්කරලා වී මිල වැඩි කරන්න.”
(දෙරණ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More