දේශීය පුවත්

නව ගෝලීය ප්‍රවනතාවයන් හමුවේ ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාව යන මාතෘකාව යටතේ ඊයේ (25) දින රාත්‍රී සිරස නාළිකාවේ විකාශය වූ “මාවත” වැඩ සටහනේදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සහ ජාතික සංවිධාන එකමුතුවේ ක්‍රියාකාරී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පසුගිය 22 දින මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව පිළිබඳව දැක්වූ අදහස්;

මේ යෝජනාවෙ පොඩි පොඩි කෑලි විග්‍රහ කිරීම තේරුමක් නැති වැඩක්. මේකෙ මහා පින්තූරය දකින එක තමයි වැදගත් වෙන්නෙ. හඳුන්නෙත්ති සහෝදරයගෙ ප්‍රකාශයෙත් පොඩි පරස්පරයක් තිබුනා.

2009 වසරෙ අපිට විරුද්ධව යෝජනාවක් ගේන්න හදනකොට අපි ප්‍රතියෝජනාවක් ගෙනත් පොරොන්දු වෙනව 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට.

මේ මානව හිමිකම් කවුන්සිලය හරහා අරගෙන යන න්‍යාය පත්‍රය තමයි ප්‍රභාකරන්ගෙ තුවක්කුව වෙනුවට මානව හිමිකම් කසය යොදාගනිමින් අපිව තල්ලු කරනව 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් බළාත්මක කිරීමට. ඒක බෙදුම්වාදී මාර්ග සිතියමේ පළමු කොන්දේසිය.

දෙවනි එක ආරක්ෂක හමුදා දුර්වල කර දුර්මුඛ කිරීම.

තුන්වෙනි එක ජාත්‍යන්තර මැදිහත් වීම. මෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම් කිහිපය ඉදිරියට යන විට ජාත්‍යන්තර මැදිහත් වීමක් රට ඇතුලෙ තිබීම අවශ්‍ය වෙනව. ඨෘත් අන්ඩ් Rඑශොන්ශිලිඅටිඔන් Cඔම්මිස්සිඔන් එකේ අරමුණ ඒක. කරන්න බැරි වූ දෙය

හතරවෙනි එක රාජ්‍යය සහ නීති පද්ධතිය දුර්වල කිරීම. විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත වැනි පණත් අහෝසි කර අන්තිම සැතපුමේදි අපට මුහුණ දෙන්න ශක්තියක් නැති වන තත්වයක් ඇති කරනව.

ඒනිසා තමයි අපි 13 සම්පූර්ණයෙන් බළාත්මක කරනව කියල 2009 දි කිව්වම මානව හිමිකම් කවුන්සිලය ඒකට එකඟ වෙන්නෙ. මේ සැරෙත් පෙර වදනෙ මොකක්ද තියෙන්නෙ?. ඉන්දියානු නියෝජිතය මොකක්ද කියන්නෙ?. 30/1 යෝජනාව ඇතුළු ඊට පෙර ගෙනාපු යෝජනා හතේම තියෙන්න 13 බළාත්මක කිරීම බව හොඳින් නිරීක්ෂණය කරන්න ඕනෙ. දිගින් දිගටම 13 බළාත්මක කිරීම අවධාරණය කරනව.

ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය ගැන කතා කරන්නෙ බිය වැද්දීමේ උපක්‍රමයක්, උපාංගයක් හැටියට. ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණයෙන් දඬුවම් කරන්න බැහැ. කාම්බෝජයේ අවුරුදු 14ක් නඩු කිව්ව, සාක්ෂි පිටු දහස් ගණනක්, තුන්දෙනාටයි දඬුවම් කළේ. ඔවුන් දැන් අපේ හමුදා නිළධාරීන් 57 දෙනෙක් නම් කරළ තියෙනව උනාට ඒක ගේන්නෙ දඬුවම් කරන්න නෙවෙයි. ඒව අපිව බිය වද්දන්න ගේන උපාංග.

මෙවර විදේශ අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය අපි පිළිගන්නව. මේ පාර අපේ ජයග්‍රහණයක් තියෙනව. හේතුව තමයි මීට වඩා භයානක උගුලක් අටවල තිබුනෙ. විදේශ ලේකම් හිටියෙත් ඒ උගුල පැත්තෙ. විදේශ ලේකම්ගෙ සහ විදේශ ඇමතිවරයාගෙ මතවල යම් පරස්පරයක් තිබුනා.

විදේශ අමාත්‍යතුමා දිගින් දිගටම 30/1 යෝජනාව ප්‍රතිෂේප කරා, ඒකෙ තර්කානුකූල දිගුව තමයි කොමසාරිස්වරියගෙ වාර්තාව ප්‍රතික්ෂේප කිරීම. එම වාර්තාව බොරු, අභුත චෝදනා එල්ල කරපු වාර්තාවක්. ඒ නිසා ඒක ප්‍රතික්ෂේප කිරීම නිවැරදියි.

හැබැයි විදේශ ලේකම් සහ අපේ තානාපතුතිමා හිටියෙ ගෙන එන යෝජනාවලට සංශෝධන ගේන්න. මොකක්ද ඒකෙ රහස? මෙවරත් ප්‍රිතියෝජනාවක් ගෙනෙන තැනට අපිව තල්ලු කරන්න තමයි උගුල අටවල තිබුනෙ. හැබැයි දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා ඒ උගුලට පය තිබ්බෙ නැහැ. එහෙම නොකරණ තැනට බළපෑම් කරා ජාතික සංවිධාන වලින්, තිස්ස විතාරණ ඇමතිතුමා ගිහින් විදේශ ඇමතිතුමා මුණගැහුන, විමල් වීරවංශ ඇමතිතුමා ආදී වශයෙන් විවිධ පැති වලින් බළපෑම් එල්ල කරා, උගුලක් අටවල තියෙනව ඒකට පය තබන්න එපා කියල.

එක අතකින් ගත්තම මේක එක්තරා ආකාරයක ජයග්‍රහණයක්. අපි අර 2009 කරා වගේ ප්‍රතියෝජනාවක් ගෙනාව නම් ඡන්ද විමසීමක් නෑ තමයි. එහෙනම් අපි දිනුව කියල කියන්න පුළුවන්. හැබැයි තොණ්ඩුව අපි අතින්ම බෙල්ලට දාගෙන.

ප්‍රති යෝජනාවක් ගෙනාව නම් එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියේ 2 – 7 වගන්තියෙන් අපිට තියෙන ආරක්ෂාව නැතිවෙලා යනව. ඒ සම්බන්ධයෙන් ගොඩක් විද්වතුන් අටුවා ලියල තියෙනව. ප්‍රතියෝජනා කියන ක්‍රමවේදයෙන් කරන්නෙ ඒ අය ගේනව බරපතළ යෝජනාවලියක්, අපිට කියනව ඒකට සංශෝධන සහිතව ඊට මෙහා යෝජනාවක් අපේ පැත්තෙන් ඉදිරිපත් කරන්න කියල. ඒ වෙනුවෙන් තව රටක් පෙනී සිටිනව. ඒක එක්තරා විදියක උගුලක්. දඩයමක් කරද්දි බල්ලො අනිත් පැත්තෙන් එවන්නෙ මේ පැත්තෙන් වෙඩි තියන්න, අන්න ඒ වගේ වැඩක්. බරපතළ යෝජනා ගෙනාවම ඊට මෙහා යෝජනාවලියක් අපි ගෙනැල්ල දෙගොල්ලම එකඟ වෙනව. අතකොට තොණ්ඩුව අපේ අත් දෙකෙන් අපිම දාගන්නව.

මේ යෝජනාව පරාජය උනාට ඒකෙ බළපෑම අඩුයි. හැබැයි අපි යෝජනාවක් ගෙනැල්ල සම්මත උනා නම් අර කලින් කියපු 2 -7 වගන්තියෙන් අපඉට තියෙන ආරක්ෂාව නැතිව යනව. එතකොට අපි ජාත්යන්තර ගිවිසුමක් අත්සන් කරා හා සමාන වෙනව.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More