සිංහරාජ වනාන්තර සීමාවේ ඉදි කිරීමට යෝජිත මාදුගැට ජලාශය ඉදි කිරීම ක්‍රියාත්මක නරන්නේ, සියලු පාරිසරික, තාක්ෂණික, භූගෝලීය විශ්ලේෂණ සිදු කරමින් ජාතික හා ජාත්‍යන්තර එකඟතාවලට අනුකූලව සහ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව පමණක් බව අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක් මගින් වාරිමාර්ග අමාත්‍යංශය පවසයි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා රජය ලෝක උරුම කමිටුව වෙත කළ ඉල්ලීම පිළිබඳව එම කමිටුව මීළඟ රැස්වීමේදී සලකා බලනු ඇති බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
කෙසේ වෙතත් යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනය පවසන්නේ, ලෝක උරුම සිංහරාජ වනාන්තරය තුළ ජලාශ ඉදිරිකිරීම වෙනුවට විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා එකඟ වූ බවයි.
එම ආයතනය පැවසුවේ, යෝජිත ජලාශය හේතුවෙන් සිංහරාජ වනයේ හෙක්ටෙයාර් 4 කට පමණ බලපෑම් එල්ල වන බවයි.
යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනයේ ලේකම් මහාචාර්ය පුංචිනිලමේ සඳහන් කළේ, මෙමගින් සිංහරාජයට හානි වීම වැළැක්විය නොහැකි බැවින් සඳහා ලෝක උරුම කමිටුවේ අවසරය හිමි නොවනු ඇතැයි යන්න සිය අදහස බවයි.
තව ද යෝජිත ජලාශයේ බැම්ම සිංහරාජයෙන් පිට ඉදි කළ ද ජලාශය ඉදි කළ පසු එය පිහිටන්නේ සිංහරාජය තුළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
වාරිමාර්ග අමාත්‍යංශය අද (26) නිකුත් කළ නිවේදනයේ වැඩිදුටත් සඳහන් ව ඇත්තේ, ගිං සහ නිල්වලා ගංගා ඔස්සේ, ගලා බසින අතිරික්ත ජලය ගිනිකොණදිග වියළි කලාපයට හැරවීම පසු ගිය ශත වර්ෂයක පමණ සිට සංවාදයට බඳුන් වූ යෝජනාවක් බවයි.
2009 වසරේදී සැලසුම් කරන ලද මෙම ව්‍යාපෘතිය අදාළව සාකච්ඡා, පර්යේෂණ අධ්‍යයන, ගවේෂණ සිදුව ඇති කාලවානු ද නිවේදනයේ දැක් වේ.
2009 – මූලික ව්‍යාපෘති සැලසුම් සම්පාදනය
2009 – මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම
2017 – භූවිද්‍යා සමීක්ෂණ අධ්‍යයන කටයුතු සිදු කිරීම
2017 – පාරිසරිය ඇගයීම් ක්‍රියාවලිය ආරම්භ කිරීම
2020 – ව්‍යාපෘතිය සඳහා යුනෙස්කෝ අනුමැතිය සඳහා පළමු ඉල්ලීම
2020 . 12 . 30 – යුනෙස්කෝ ජාතික කොමිසම සමග පළමු සාකච්ඡාව
2021.01.27 – යුනෙස්කෝ ජාතික කොමිසම සමග දෙවැනි සාකච්ඡාව
2021 . 02. 02 – යුනෙස්කෝ ජාතික කොමිසම මගින් යුනෙස්කෝ ලෝක උරුම කමිටුව වෙත ව්‍යාපෘති යෝජනාව සලකා බැලීම පිණිස ඉල්ලීම සිදු කිරීම
චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පසුගියදා කළ අනාවරණය අනුව සිංහරාජය සමීපයේ ජල මාර්ග හරස් කරමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ චීනයයි.
චීනය ගිං ගඟ හා , නිල්වලා ගඟ හරස් කර මෙම ජලාශ දෙක ඉදි කළ හොත් පහළ ප්‍රදේශවල ජනතාවට ජලය ලබාදීම තීරණය කිරීමේ හැකියාව ඔවුන් අතට පත් වනවා නොවේ ද?
චීනය ගංගා හරස් කර ජලාශ ඉදිකර ජලය ලබාදීම පාලනය කිරීම හරහා සිදුකරන ජල ප්‍රාණ ඇප උගුල පිළිබඳව අප පසුගිය දිනක පෙන්වා දුන්නේ ය.
දකුණු හා අග්නිදිග ආසියානු රටවල් මේ චීන ජල ප්‍රාණ ඇප උගුලට හසුවෙමින් ඇතැයි, හාවඩ් ජාත්‍යන්තර අධ්‍යයන ආයතනය ප්‍රසිද්ධ කළ පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින් අප පසුගියදා වාර්තා කළේ ය.
එහිදී පෙන්වා දුන්නේ දැනටමත් ටිබෙට් නිම්නයෙන් ආරම්භ වන බ්‍රහ්මපුත්‍ර, ඉරවාඩි සහ මීකොං ගංගා හරස් කර වේලි ඉදිකර චීනය මෙය සිදුකරන බවයි.
යෝජිත ගිං, නිල්වලා ව්‍යපෘතිය හරහා අපේ රටත් චීන ජල ප්‍රාණ ඇප උගුලේ සිර වෙයි ද?
(සිරස)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...