මෙරටට ආනයනය කරන පිරිපහදු නොකරන ලද පොල්තෙල්වල සියයට 40 ක් පමණ විෂ සහිත රසායනික ද්‍රව්‍ය අන්තර්ගතවන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා. ඊට හේතුවී ඇත්තේ ලාභදායී පොල්තෙල් ගෙන්වීමට සමාගම් ක්‍රියා කිරීම හේතුවෙන් බවද ඔහු ප්‍රකාශ කළේ.
මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු පිරිපහදු නොකරන ලද පොල්තෙල් තොගය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ප්‍රශ්න කෙරුණා.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ අදාළ පොල්තෙල් තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසුද යන්න පිළිබදව නැවත පරීක්ෂා කරන තෙක් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවා ඇති බවයි.
මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පිළිබඳ ඒකකය නිර්දේශකර ඇති අදාළ පිරිපහදු නොකරන ලද පොල්තෙල් තොගය විනාශ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල සඳහන් කළේ එම පොල්තෙල් තොගය මුදාහැර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
කෙසේ වුවද එය ප්‍රතික්ෂේප කළ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කළේ මෙරටට ලාභදායී පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වීම හේතුවෙන් එම පොල්තෙල්වලින් සියයට 40 ක පමණ ප්‍රතිශතයක් විෂ රසායනික ද්‍රව්‍යවලින් සමන්විත බවයි.
“මේ ගෙනල්ලා තියෙන පොල්තෙල් තොගය තුළ විශාල ප්‍රතිශතයක් ඇෆලටොක්සින් තියෙන නිසා ඒක සම්පූර්ණයෙන්ම පිරිපහදු කළත් ඒක යන්නේ නැති නිසා ඒ වාර්තාව එවලා තියෙනවා. ඒ නිසා මාර්තු 4 වැනිදා ඒක ප්‍රතිඅපනයනය කරන්න කියලා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වලා තියෙනවා. දිගින් දිගටම පොල්තෙල් මේ විදිහට අපේ රටට ආනයනය කරනවා. මේ ආනයනය කරන අය කියනවා අඩුවට තියෙන එකක් එවන්න කියලා. එහෙම එවන්න එහෙ ඉන්න අය කරන දේ තමයි සියයට 60ක් පොල්තෙල් දාලා සියයට 30ක් විෂ සහිත කෘතිම තෙල්වර්ග දාලා තවත් සියයට 10ක් එකතු කරනවා පොල්තෙල්වල සුවඳ. පිරිපහදු නොකරන පොල්තෙල් ගේන එක සම්පූර්ණයෙන්ම නවත්වන්න කියලා තමයි අපි කියන්නේ,”
(මව්රට)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...