අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවෙන් පසුව පසුපෙළ එජාප මන්ත්‍රිවරුන් ආරම්භ කළ සටන දැන් නව මඟකට පිවිසී ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.
පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කරන බවට ප්‍රතිඥා දුන් එජාප නායකයා උප්පරවැට්ටියක් යොදා තම අභිමතාර්ථයන් මුදුන්පත් කර ගත්තද පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීව ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමේ සටනට එජාපයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක් එක්ව සිටින බව එම ආරංචි මාර්ග කියයි. ඒ අනුව එජාපයේ නායකත්වය නිලධාරි මණ්ඩලය ඇතුළු සියලු තනතුරු සඳහා නාම යෝජනා කැඳවා පාර්ලිමේන්තු කණ්ඩායමේ සහ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතර ඡන්දයකින් සුදුස්සන් තෝරා ගැනීමට අදාළ පසුබිම සකසා ගැනීම පිණිස විශේෂ මහ සම්මේලනයක් කැඳවිය යුතු යැයි යෝජනාවක් මීළඟ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කිරීමට එම මන්ත්‍රි කණ්ඩායම තීරණය කර තිබේ.මෙම යෝජනාව නොසලකා හරින්නේ නම් එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම හා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර ඇත.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...