දේශීය පුවත්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ අන්තවාදී මත පැතිරවීම සහ ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (25) පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි.

එක් පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු 46 හැවිරිදි වියේ පසුවන්නෙකි.ඔහු පසුගිය දෙසැම්බර් 5 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවන ලද පුද්ගලයෙකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔහු විදේශගතව සිටියදී අන්තර්ජාලය හරහා විවිධ දේශන පවත්වමින් ශ්‍රී ලංකාව තුළ අන්තවාදී සහ විවිධ ආකාරයේ මතවාද ප්‍රචාරය කිරීමට කටයුතුකර තිබෙන අයෙකු බවද අණාවරනය කළ අතර ඔහු ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ මුදල් එකතු කිරීමටද කටයුතුකර තිබෙන අයෙකි.

ඊයේ (25) දිනයේදී මඩකලපුව කාත්තාන්කුඩි ප්‍රදේශයේදී මඩකලපුව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන ඇති 49 හැවිරිදි පුද්ගලයා සමාජ මාධ්‍ය ජාල හරහා පාස්කු ප්‍රහාරය සාධාරණීයකරණය කරමින් මත ඉදිරිපත්කර තිබූ පුද්ගලයෙකු වන අතර පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවෙකු වන සහරාන්ගේ සමීපතමයෙකු බවට ද ඔහුව හඳුනාගෙන ඇති බව අජිත් රෝහණ මහතා පවසා සිටියේය.

එම සැකකරුව කොළඹට රැගෙනවිත් වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අනාවරණය කළේය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එහිදී පවසා සිටියේ අන්තවාදය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී විවිධ කරුණු රැසක් මේ වනවිට අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More