දේශීය පුවත්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අකාර්යක්ෂමතාවය පිළිබඳ චෝදනා රැසක් ලැබී තිබීම නිසා හා සංශෝදනයක අවශ්‍යතාවය මතුවී තිබීම නිසා අධ්‍යක්ෂ මණ්ඩළය සංශෝදනය කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඖෂධ නිෂ්පාදකයින් සහ ආනයනකරුවන් ඉදිරිපත් කර තිබූ අයදුම්පත් සඳහා ක්‍රියාත්මක වීමට වසර 4කට අධික කාළයක් ගතවීම අකාර්යක්ෂමතාවය පෙන්නුම් කළ එක් අවස්ථාවක් බවත් අධ්‍යක්ෂ මණ්ඩළයේ සාමාජිකයින් 13 දෙනාගෙන් 10 දෙනෙකුම පත් කරන්නේ අමාත්යවරයා විසින් හෙයින් ඔවුන් ඕනෑම අවස්ථාවක ඉවත් කළ හැකි බවත් ඔහු සඳහන් කරයි.

නියාමන අධිකාරියක සාමාජිකයින් දීර්ඝ කාලයක් එම තනතුරුවල තැබීම සුදුසු නොවන බැවින් මින් ඉදිරියට වසර 03 කට වරක් තනතුරු වෙනස් කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන බව ඔහු ප්‍රකාශ කර සිටී.

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩළය සංශෝදනය කිරීමත් චීනයේ සයිනොෆාර්ම එන්නතට අනුමැතිය ලබාදීමත් අතර සම්බන්ධතාවයක් නොමැති බව රාජ්ය අමාත්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More