පුරවැසි කොලම

මොහොමඩ් සජාඩ් මව්ශූන්(,Mohamed Sajad Mawzoon); නුෂාඩ් මොහොමඩ් පෙරේරා (Nushad Mohammed Perera).

පිරමීඩ් ලංකා පුද්ගලික සමාගම ( PYRAMID LANKA PVT LTD); පිරමීඩ් විල්මා ඉන්ටර්නැෂනල් සමාගම(Pyramid Wilmar International Limited);
පිරමීඩ් ඔයිල් සමාගම(Pyramid Oil Mills); විල්මා ප්ල්න්ටේශන්(wilmar Plantation (Pvt) Ltd.

ඉහත නම් සහ සමාගම් වල ඇති අතිජාත බැඳීම ගැන කියතොත් ඉහත සියලුම සමාගම් වල 100% අයිතිය මුස්ලිම් ජාතිකයන් සතුය. ඉහත නම් සඳහන් දෙදෙනාම මැලේ මුස්ලිම් ජාතිකයන් වේ. දෙදෙනාම ඉතාම සමීප මිතුරන්ය.

මේ දෙදෙනාටම දුරකථන සංනිවේදන ජාලා සම්බන්ධ පසුබිමක් ඇත. දෙදෙනාම මලයාසියාවට සම්බන්ධ කමක් ඇත.

එක් අයෙක් ආහාර විශාල තොග වශයෙන් ආනයනය කරන අතර අනෙකා ඒවා පාලනය කරන රජයේ ප්‍රධාන නිලධාරියා වේ.

ඒ වගේම මොහොමඩ් සජාඩ් මව්ශූන් The proprietor of Shangri-La Hotels. (ෂැන්ග්‍රි – ලා හෝටලයේ ශ්‍රී ලංකාවේ අයිතිකරුය).

ඒ වගේම (India’s Adani Group, now embroiled in the Colombo port terminal deals is also in partnership with Pyramid Wilmar in Sri Lanka.) ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයාය.

මොවුන් දෙදෙනාම රාජපක්ෂ පවුලේ ඉතා සමීප මිතුරන්ය. ඒ වගේම මොහොමඩ් සජාඩ් මව්ශූන් වර්තමාන ජනාධිපති ගෝටාභය රාජපක්ෂ සමග ඉතා ලඟින් කටයුතු කරන කෙනෙකු වෙයි.

මොහොමඩ් සජාඩ් මව්ශූන්ට අයිති විල්මා ආයතනය ලංකාවට ගෙනෙන පොල්තෙල් සහ සීනී වල ඒකාධිකාරයක් පවත්වාගෙන යන සමාගමකි.

එවන් පසුබිමක මෑතක ගෙන්වූ පොල්තෙල් තොගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂන ඒකකයෙන් ඒ පොල්තෙල් වල පිළිකා කාරක ඉහළ ප්‍රතිශතයකින් තියෙනවා කියලා, ඒවා නැවත ප්‍රතිඅපනයනය කරන්න කියලා දැනුම් දෙනවාය. ඒත් රේගුව ඒවා නිදහස් කරනවා.

හේතුව විදියට කියන්නෙ, නුෂාඩ් මොහොමඩ් පෙරේරා සභාපති විදියට ඉන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් කරපු සාම්පල් පරීක්ෂාවේදී එහෙම පිළිකා කාරක හමු උනේ නැති නිසා ඒවා නිදහස් කරාලු.

එක කට්ටියක් කලාම ඉහළ ප්‍රතිශතයකින් පිළිකා කාරක තියෙනවාය කියල රිපෝට් එකක් එන්නයි, ජාවාරම්කාරයා සභාපති වෙලා ඉන්න අනෙක් කට්ටිය කලාම එහෙම පිළිකා කාරක නෑ ය කියල රිපෝට් එන්නයි හේතුව මොකක්ද?

මේ පොල්තෙල් ගෙනාවෙත්, සීනි ජාවාරම කරපු ජාවාරම් කාරයෝමනේද? කොහොම හරි දැන් වෙළදපොලට පොල්තෙල් නිකුත්වෙලා ඉවරයි.

සමාගම් හතරක් විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහාලුම් 13ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණි.

එම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන්නැයි එම ඒකකය දැනුම් දී තිබියදී රේගුව ඒවා නිදහස් කර ඇතැයි අනාවරණ වුණේ (23) දිනයේදීය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් මොහොමඩ් පෙරේරා මහතා සඳහන් කළේ මතභේදයට තුඩුදුන් එම තෙල් තොගවල සාම්පල තම ආයතනය හරහා පරික්ෂා කළ අවස්ථාවේදී ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු නොවූ බවය. එම තෙල් තොගය සහිත බහාලුම් නිදහස් කළ හැකි බවට රේගුව වෙත දැනුම් දුන්නේ ඒ අනුව බව ඔහු සඳහන් කළේය.

ඇත්තටම මොකක්ද මේ රටට වෙන්නේ?. ඉස්සරත් මෙහෙම වෙන්න ඇති ඒත් ජනතාවට මෙවැනි දේවල් දැන ගැනීමේ මාර්ග අවම වී තිබීම නිසා මේවා කවදාවත් ජනතාව අතරට මෙච්චර ඉක්මනින් ගියේ නැත. නමුත් දැන් තත්වය හුඟාක් වෙනස්ය. මිනිස්සු දැනුවත්ය.

නෞෂාඩ් මොහොමඩ් පෙරේරා මීට පෙර සිටියේ සතොස ආයතනයේ සභාපති හැටියට ප්‍රසිද්ධ සීනි වංචාවේ කොටස්කාරයෙක් හැටියට ඔහු එතැනින් ඉවත් කරලා ප්‍රමිතිය ආයතනයට ඔහු පත් කළා.

අදාළ පොල්තෙල් තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂක කමිටුව කියනවා ඒ පොල්තෙල්වල විස කාරක ඇෆ්ලටොක්සින් අඩංගුයි කියලා. එය පිළිකා කාරකයක්.  ඒත් නෞෂාඩ් මොහොමඩ් පෙරේරාගෙ ප්‍රමිති ආයතනය කියනවා පිළිකා කාරක අඩංගු නෑ කියලා.

දැන් කාරණය හරි පැහැදිලියි. සීනි ජාවාරම වෙනුවෙනුත් මැදිහත් වුණ නෞෂාඩ් මොහොමඩ් පෙරේරා වස විස අඩංගු පොල්තෙල් වෙනුවෙනුත් මැදිහත් වෙච්ච බව මේකෙන් පැහැදිලි වෙනවා.

ඒ වගේම මේවා බෙදන්න ගෙනාවේ ලංකාවේ උත්සව සමයට මේ උත්සව සමයේ මේ පිළිකා කාරක අඩංගු පොල්තෙල් පාවිච්චි කරන්නේ සිංහල සහ හින්දු අයවලුන්. එතකොට මේ පිළිකාකාරක තෙල් පරිභෝජනය කරන්නේ සිංහල සහ දෙමළ ජනතාව පමණයි පිලිකා හැදෙන්නේ සිංහල හා දෙමළ අයට මේක වර්ගවාදී සංහාරයකට කරන ලද උපක්‍රමයක්ද කියලා බරපතළ සැකයක් පවතිනවා.

මේ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පවා නඩුවක් ගොනු කරන්න ඕනි කවුද ඇත්ත කියන්න කියලා සොයන්නට.  එම සමාගමට, එයට අනුබල දීපු සැවොටම දඬුවම් කරන්න ඕනේ.

ඉතා සූක්ෂම ලෙස සිංහල සහ දෙමළ මිනිසුන් වඳ කිරීමේ තවත් උපක්‍රමයක් ද?

Aflatoxin ආහාරයේ අඩංගු වීම නිසා ඇති විය හැකි සෞඛ්‍යය උවදුරු

1 . අක්මාවේ සෛල විනාශවීම නිසා අක්මාව අකර්මණ්‍ය වීම Liver failure අක්මාව අකර්මණ්‍ය වීම මරණීය තත්ත්වයකි .

2. විශාල ප්‍රමාණයක් ශරීරගත වීමෙන් මරණය සිදුවිය හැක Aflatoxicosis

3 .අක්මාවේ පිළිකා ඇති වීම Hepato cellular Cancer මෙය බටහිර රටවල අක්මාවේ පිළිකා හැදෙන්න ප්‍රධානම හේතුවකි.
* මෙම පිලිකා සෑදුන හොත් මාස හයක් වැනි කෙටි කාලයක් තුළ මරණයට පත් වෙයි .

4. Aflatoxin ශරීරගත වීමෙන් වලිප්පුව ඇතිවිය හැකි ය ( Convulsions )

5 Aflatoxin ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියට බරපතළ හානි සිදු කරයි. මේ නිසා ආසාදන පහසුවෙන්ම වැළඳීමේ හැකියාව ඇත ( Immunotoxicity)

රට පුරා කොරෝනා ආසාදන තත්ත්වයක් පැතිර යන මෙවන් මොහොතක මේ බරපතළ සෞඛ්‍ය උවදුරකි .

පොල් තෙල් වැනි එදිනෙදා ආහාරයට බහුලවම භාවිතා වන ආහාර සංඝටකයක, Aflatoxin අඩංගු වීම බරපතළ සෞඛ්‍ය උවදුරක් ඇති වීමට හේතු විය හැකි ය.



One thought on “සීනි, පොල්තෙල් ජාවාරම වර්ගවාදී සංහාරයකට කරන ලද උපක්‍රමයක්ද?”

  1. ඕව අපි හැමදාම කෑව​. මේ ආන්ඩු කාලෙ තමයි මෙහෙමවත් එළියට එන්නෙ. අසාද් සාලිලගෙ ආන්ඩුවෙ මේවගැන කතා කලේම නැහැ.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More