පසුගිය 2020 වර්ෂයේ දී පමණක් මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 11 කින් විවිධ වර්ගවලට අයත් ගස් 63,000 කැපීමට අවසර දී ඇති අතර වැඩියෙන්ම අවසර දී ඇත්තේ දැව කඳන් දිස්ත්‍රික්කයෙන් පිටතට ගෙනයාම සඳහාය.
මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආරංචි මාර්ග පවසන්නේ දැව වශයෙන් විකිණීමටත්, නිවාස අවශ්‍යතා සඳහාත් දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් මෙලෙස කැපුම් අවසර දී ඇති බවයි.
මීට අමතරව අවසර නොමැතිව, හොර රහසේ දැව ජාවාරම්කරුවන් විසින් රජයේ රක්ෂිත ප්‍රදේශවල තිබෙන ගස් කපා ඉරීම සිදුවන බව ද හෙළි වී ඇත.
මේ සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ දිස්ත්‍රික්කයේ ඇති ගස් විශාල ප්‍රමාණයක් කපන බව සත්‍යයක් බවයි. නමුත් පැල සිටුවන්නේ ඉතාම අල්ප වශයෙන් බව ද පවසන ඔහු මෙම තත්වය මත දිස්ත්‍රික්කයේ පානීය ජල අර්බුදය තවත් උග්‍ර විය හැකි බව ද පවසා සිටී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...