දේශීය පුවත්

මෙරටට ආනයනය කරන ලද මෙට්ට්‍රික් ටොන් 8,000 කට වැඩි පිරිපහදු කරන ලද පොල් තෙල් තොගයක් පසුගිය 23 වැනිදා නිෂ්කාෂණය කර ඇති බවත් මෙම තෙල් තොගය ගෙන්වා ඇත්තේ සීනි බදු වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන සමාගම විසින්ම බවත් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා සඳහන් කරයි.

ලංකාවේ ආනයනික පොල්තෙල් අවශ්‍යතාවෙන් 60% කට වඩා ප්‍රමාණයක් ආනයනය කරන්නේ එම සමාගම බවද ඒ මහතා පවසයි.

පිළිකාකාරක අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබූ එම පොල්තෙල් තොගය මුදාහැරියේ එහි කිසිදු ගැටළුවක් නොමැති බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිර්දේශ කිරීමෙන් අනතුරුව බව රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය පවසන අතර ප්‍රමිති ආයතනයේ වත්මන් සභාපති වන්නේ සීනි බදු වංචාවට බරපතළ චෝදනා එල්ලවන සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරාය.

මේ අතර මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා සමග ඊයේ (25) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් මේ පිළිබඳව පැමිණිළි කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය ආයතන දෙකක් විද්‍යාත්මක පරීක්ෂණ වලින් පසුව එකම කරුණක් සම්බන්ධයෙන් ආකාර දෙකක නිගමන ඉදිරිපත් කර තිබීම ගැටළු සහගත බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More