මහජන යුතුකම් කේන්ද්‍රය විසින් පිළිකා කාරක සහිත බවට අනාවරණය වූ පොල්තෙල් බහාලුම් පෞද්ගලික සමාගම්වල ගුදම් වෙත නිදහස් කිරීමෙන් පසු යම් වංචාවක් සිදුවී ඇත්දැයි විමර්ශනයකරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ගොනු කරණු ලැබීය.
පොල්තෙල් සහ වෙනත් ආදේශක තෙල් මෙරටට ආනයනය කිරීමේදී පිරිපහදු නොකළ තෙල් තොග පෞද්ගලික සමාගම් විසින් ගෙන්වනු ලබන අතර ආනයනික තෙල් පිරිපහදු කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳව ගැටලුවක් ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටී.
එම තෙල් වල තත්ත්ව පරීක්ෂාව සිදුකරන්නේ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් වන අතර පෞද්ගලික සමාගම් දෙකක් ගෙන්වූ පිරිපහදු නොකළ පොල්තෙල් බහාලුම් 13ක “ඇෆ්ලටොක්සින්” නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ නිලධාරින් විසින් හඳුනාගනු ලැබිණි.
ඒ අනුව ආහාර ආරක්ෂණ ඒකකය මෙන්ම ප්‍රමිති ආයතනය ද මෙම තෙල් තොග තත්ත්ව පරීක්ෂාවෙන් අසමත් බවට වාර්තා ලබා දෙනු ලැබීම විශේෂත්වයකි.
ඒ අනුව එම තෙල් තොග වහාම ප්‍රතිඅපනයනය කරන ලෙසට ආහාර ආරක්ෂණ ඒකකය දැනුම් දුන්නද එම තෙල් පිරිපහදු කිරීමෙන් පසු තත්ත්ව වාර්තාවක් ලබාගැනීමට ප්‍රමිති ආයතනය අවසර ලබා දෙනු ලැබීය.
තත්ත්ව වාර්තා නිල වශයෙන් ලැබෙන තුරු රේගුව විසින් වරාය පරිශ්‍රයෙන් පිටත පිහිටි පෞද්ගලික සමාගම්වලට අයත් ගබඩාවලට එම බහාලුම් නිදහස් කර තිබුණේ ඒ අනුවය.
කෙසේ වුවද පිරිපහදු කිරීමෙන් පසු සිදුකළ තත්ත්ව පරීක්ෂාවේදී එම තෙල් තොගවල ඇෆලටොක්සින් අඩංගු නොමැති බැවින් තත්ත්ව පරික්ෂාවෙන් සමත් බවට ප්‍රමිති ආයතනය ඉන් පසු දැනුම් දී තිබුණු නමුදු පිරිපහදු කළා යැයි කියන එම ප්‍රශ්නගත පොල් තෙල් වල සාම්පල සෞඛ්‍යය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය පරීක්ෂා කර තිබුණු බවක් වාර්තා නොවේ. එලෙසම එම පිරිපහදු කළා යැයි කියන ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද විනිවිදභාවයක් නොමැති බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකරුවන්ගේ සංගමය චෝදනා කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...