දේශීය පුවත්

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා වාර්තාව අද (25) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සභාගත කිරීමෙන් අනතුරුව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන සහ මන්ත්‍රී ල්ක්ෂ්මන් කිරි ඇල්ල අතර උණුසුම් වාදයක් ඇති විය.

වාර්තාව ඉදිරිපත් කරමින් එය කියවූයේ නැතැයි කිරිඇල්ල මන්ත්‍රීවරයා කළ චෝදනාවට පිළිතුරු දෙමින් විදේශ ඇමතිවරයා පැවසූවේ එය සම්පූර්ණයෙන් පාර්ලිමේන්තුවේදී කියවීම කාළය නාස්ති කිරීමක් බැවින් වාර්තාව සභාගත කර ඇති බවයි.

එය පිටු 17කට වැඩි වාර්තාවක් බවත් යුද්ධයට අදාලව ඇත්තේ පිටු 2ක් පමණක් බවත් ඉතිරි සියල්ලම ගෝඨාභය ජනාධිපතිවරයාගේ නව පාළනය පිළිබඳව බවත් කිරිඇල්ල මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් විදේශ ඇමතිවරයා පැවසූයේ රටක අභ්‍යන්තර පාළනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම මානව හිමිකම් කවුන්සිලයේ කාර්යයක් නොවන බවයි.

1989 දී අතුරුදහන් වූ තරුණයින් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් මානව හිමිකම් කවුන්සිලය වෙත රටේ අභ්‍යන්තර ප්‍රශ්ණයක් ඉතිහාසයේ ප්‍රථම වරට ගෙනගියේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා බවත් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා ලෙස පත් කර ඇත්තේ “ප්‍රා” කල්ලියේ නායකයෙක් බවත් කිරිඇල්ල මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව මධ්‍යස්ථ මතධාරීන් ප්‍රශ්ණ කර සිටින්නේ 1989 ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? යන්නයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More